හුරුබුහුටි, හැඩකාර, දඟකාර වගේම කාලයෙන් කාලයට උණුසුම් පුවත් මවන රංගන ශිල්පිනියක් තමයි ෂෙහානි කහඳවල කියන්නේ. රංගන ශිල්පිනියක වගේම නිරූපන ශිල්පිනියක විදියටත් හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න ෂෙහානි මේ දවස්වලත් ඉතාම ජනප්‍රිය චරිතයක්. ඒකට හේතුව තමයි ඇය ඇයගේ සමාජ ජාලා වලට එකතු කරන පින්තූර…. ඉතින් අපි හිතුවා මේ දවස්වල තරුණයන්ගේ ක්‍රෂ් එක වෙලා ඉන්න ෂෙහානි එක්ක ටිකක් කතා කරන්න.

ඉතින් ෂෙහානි මොකද වෙන්නේ මේ දවස්වල?
”මේ දවස්වල ඉතින් වැඩ ටිකක් කරගෙන යනවා… ඩාන්සින් වීඩියෝ එකක් කළා, ඒ වගේම පොටෝ ෂූට් එකකුත් කළා… ඒකට නම් සමාජ ජාල වලින් ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා, ඕවා තමයි ඉතින් අලුත් වැඩ….”

ෂෙහානි කොහොමද කලාවට සම්බන්ධ වෙන්නේ?
”මම මුලින්ම මේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ වුනේ මියුසික් වීඩියෝ එකක් හරහා, ඊට පස්සේ මම දෙරණ නාලිකාවේ වැඩසටහන් නිවේදිකාවක් විදියට සම්බන්ධ වෙලා හිටියා, ඒ කාලය දී මට වෙළඳ දැන්වීම් කිහිපයකටම ආරාධනා ලැබුනා… ඉතින් ඒ විදියට කාලයක් යද්දී දෙරණ නාලිකාවේම ඇසි කියන ටෙලිනාට්‍යට රඟපාන්න ආරාධනාවක් ලැබෙනවා, හැබැයි මම ප්‍රේක්ෂකයන් අතරට ගියේ මෙගේ දෙවෙනි ටෙලිනාට්‍ය වන ”සුජාතා ටෙලිනාට්‍ය” හරහායි…. ඉතින් ඒ විදියට තමයි මම කලාවට සම්බන්ද වෙන්නේ”

ෂෙහානි වයස යනවා නේ ඉතින්… දැම්ම විවාහ වෙන්න අදහසක් නැද්ද..?
”මම දැන්ම විවාහ වෙන්නේ නෑ…. ගැහැණු ළමයි විදියට අපි අවුරුදු 19ක් විතර වෙනකන් ඉගන ගන්නවා, ඊට පස්සේ අපි නිතරම ඉන්නේ අම්මා තාත්තා යටතේ… අවුරුදු 20න් වගේ අපි සමාජයට ඇවිල්ලා ස්වාධීන තීරණ ගන්නවා, කෙල්ලෙක් විවාහ වුනාට පස්සේ තියෙන්නේ වෙනමම ලෝකයක්, අපි ඒ බැඳීම් එක්ක මුළු ජීවිත කාලයම ගතකරන්න ඕන…

තරුණියක් විදියට මම මේ සමාජයට ආව ගමන් මට ඕන නෑ විවාහ වෙලා ආයෙමත් හිරවෙන්න, කෙල්ලෙක් උනාම අම්මා තාත්තා යටතේ ඉන්න ඕන… ඊට පස්සේ සැමියා යටතේ ඉන්න ඕන කියන ඒක වැරදියි කියනවා නෙවෙයි, මම කැමති විදිය ගැන මම මේ කියන්නේ… ඒ නිසා මම ගැන වැරදියට හිතන්න එපා…”

අද කාලයේ ගොඩක් රංගන ශිල්පිනියක් එක එක ප්ලාස්ටික් සැත්කම් කරනවා, ඉතින් ඔයත් එහෙම කරලද ඔච්චර ලස්සනට ඉන්නේ?
”මෙහෙමයි තමන්ගේ ආත්ම ශක්තිය ගොඩනගා ගන්න ඒක කරන්න ඕන නම් මම එකේ වරදක් දකින්නේ නෑ…. ඒක ඒ අයගේ කැමැත්ත, මම ඒ අය කීයටවත් විවේචනය කරන්නේ නෑ, ගොඩක් අය මගෙන් අහනවා ඔයත් ඒ වගේ වෙනසමක් කරගෙනද ඉන්නේ කියලා…. ඉතින් මම දෙන පිළිතුර තමයි ඔව්, මමත් වෙනස් කරගෙන ඉන්න… ඒ මගේ මේකප් ස්ටයිල් එක කියලා, මම නම් කිසිම ප්ලාස්ටික් සැත්කමක් කරගෙන නෑ….”

