උණුසුම් පුවත්
Search
shiroshi 1 1

”ජීවත්වෙලා ඉන්න මිනිස්සු නැති වුණා කියන්න එපා” – ශිරෝෂිගේ මිතුරියක් හදිසියේම කියූ දේ

2276

අමල් පෙරේරා කියලා කියන්නේ සංගීත ක්ෂේත්‍රය තුළ සිටින රටම දන්නා දක්ෂ ගායන ශිල්පියෙක්. බොහෝ ගීත ගණනාවක් ඔස්සේ රසික රසිකාවියන් පිනවීමට සමත් වූ ඔහු ඇත්තෙන්ම ලංකාවේ සිටින ජනප්‍රියම ගායන ශිල්පීන් අතුරෙන් අයෙක්. ඔහුගේ පියා වන මර්වින් පෙරේරාගේ හඬ පෞරුෂය එලෙසින්ම උරුම කරගත් ඔහු එම උරුමය එලෙසින්ම ඔහුගේ පුතා වන නදීමාල් පෙරේරාටත් ලබා දී අවසන්. නදීමාල් පෙරේරාගේ ගීත ගණනාවක්ම මේ දින වල දී රසික රසිකාවියන් ඉතාමත්ම උවමනාවෙන් අසන බව නොරහසක්. ඒ වගේම අමල් කියන්නේ ගායන රියලිටි වේදිකාවේ විනිසුරුවරයෙක් ලෙස කටයුතු කළ අයෙක්.

අමල් පෙරේරා සිය පෞද්ගලික ජීවිතය තුළ දෙවන වරට යුවතියක් විවාහ කරගත් අයෙක්. පළමු විවාහයෙන් වෙන්වී සිටින ඔහු දෙවැනි වරට විවාහ වන්නේ ෂිරෝශි නම් සුන්දර යුවතියක් සමඟයි. මේ වන විට ඔවුන් දෙපළට දියණියක් ද සිටිනවා. ඉතිං පසුගිය කාල වකවානුව තුළ දී ඇය පිළිබඳව අපට අසන්නට ලැබුණේ ඉතාමත්ම කණගාටුදායක පුවතක්. ඒ ඇය හදිසි අනතුරකට ලක් වී රෝහල් ගතව ප්‍රතිකාර ලැබීමයි.

image 318

ඉතින් පසුගිය දිනක දී විවිධ යූටියුබ් මාධ්‍ය නාලිකා වගේම විවිධ සමාජ මාධ්‍ය ජාලා ඇය හදිසියේම මෙලොව හැර ගොස් ඇතැයි කියන සාවද්‍ය ප්‍රකාශය ප්‍රචාරය කරලා තිබුණා. ඉතින් ඒ ගැන ඉතාමත්ම කණගාටුව ප්‍රකාශ කරන ඇගේ හොඳම මිතුරියක් මෙවන් ආකාරයේ ප්‍රකාශයක් සිය ෆේස්බුක් මාධ්‍ය ගිණුම ඔස්සේ සටහන් කරලා තිබුණා.

image 312

” අද දවසෙ share කරලා තිබ්බ කිසිම පදනමක් නැති post දෙකක් මේ. රසික ආදරය ලබමින් ජීවත්වෙන ජනප්‍රිය ශිල්පීන් ගැන මේ විදියට ප්‍රචාරය කරලා මේ youtube / web අයිතිකාරයෝ බලාපොරොත්තු වෙන දේ නොදන්නවා නෙවෙයි . සමාජ මාධ්‍යයක් තුළින් හැමදෙයක්ම හරි ඉක්මනට විහිදෙනවා. සමහර අය ඉන්නවා මොකක් හරි news එකක් දැක්ක ගමන් ඇත්ත නැත්ත හොයන්නැතුව එයාලත් ඒක share කරනවා.

image 313

සමහර බොරු news දාපු web/ youtube වලට මම එයාලා දාලා තියන එයාලගෙම නොම්මර වලට කතා කරපු අවස්ථාත් තියෙනවා. ජීවත්වෙලා ඉන්න මිනිස්සු නැතිවුණා කියලා දාලා viewers ලා වැඩි කරගෙන හම්බ කරන සල්ලි වලින් දරු පවුලකට කන්න දෙන එකත් මහා තක්කඩි වැඩක්. ජීවත්වෙලා ඉන්න රටක් ආදරය කරන අයට මෙහෙම දාන්න කලින් හිතන්න පුළුවන්නම් තමන්ගෙ පවුලෙ කෙනෙක් ගැන මේ විදියට කවුරු හරි බොරු ප්‍රචාරයක් කළොත් තමන් මොන වගේ දෙයක්ද කරන්නෙ කියලා. අනුන්ට කරන දේ තමන්ට වුනොත් මොනවා හිතෙයිද කියලා හිතන්න . ඒ වගේම මෙහෙම ජීවත් වෙන අයව නැති කරලා දාලා හම්බ කරන සල්ලිවලින් කන ටික වහ වෙන්නත් පුළුවන් . මේ දේවල් ටයිප් කරනකොට ඒවා voice කරනකොට මම දන්නෙ නෑ හිතක් තියාගෙන කරනවද කියලා. ජීවත්වෙලා ඉන්න මිනිස්සුන්ව නැති කරලා දාලා හරි සල්ලි හම්බ කරන්න හිතන කෙනෙක්ට සල්ලි වෙනුවෙන් තමන් ළඟ ඉන්න අයවත් විකුණන්න පුළුවන් කියලයි මම හිතන්නෙ. “

image 314

ඉතින් මේ විදිහට තමයි ඇය ප්‍රකාශ කරලා තිබුණේ.

පසුගිය දිනෙක ජෙට්ස්කි පදින්න ගොස් අනතුරට ලක්ව මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන ශිරෝෂි දැන් නම් පෞද්ගලික රෝහලකට මාරු කර යවා ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.

image 315
image 317
image 316