සංගීත් සහ දිනිති කියන්නේ අද වෙනකොට ගොඩක් ජනප්රිය රංගන ශිල්පීන් යුවළක්. වෘත්තියෙන් ගුවන් සේවිකාවක් වුණ දිනිති කලා ක්ෂේත්රයට එක්වීමත් සමඟ සංගීත් සහ දිනිති හරි අපූරුවට ගැළපුනා. රට වටේම ඇවිදින්න යන මේ දෙන්නා හැමදාමත් වගේ හරිම ආදරයෙන් කොහේ ගියත් ඉන්නවා..
ඒ දෙන්නා එදා වගේම අදත් එච්චර සතුටින් ඉන්නේ ඇයි කියලා දන්නවාද.. මේ දෙන්නාගේ හෙවණක් වගේ තමයි සංගීත් ගේ අම්මයි තාත්තැයි ඉන්නේ කියලා තමයි මෙයාලාව ළඟින්ම ඇසුරු කරන අය නම් කියන්නේ.
පසුගිය දා වැඩසටහනකට එක්වෙමින් අහන්නෙත් ගෙදර වෙන දෙයක් ගැන තමයි. ඒ ඒ දෙන්නා අම්මටයි තාත්තටයි රසට කෑම හදලා දෙනවාද කියලා අහද්දී දිනිති ඇත්ත කිව්වත් සංගීත් නම් මුලින්ම කියන්න ගියේ බොරුවක්..
ඒත් දිනිති ඇත්තටම කිව්වා ”බොරු කියන්න එපා බබී.. අම්මි බලන් ඉන්නවා. ගෙදර වැඩවලට වැඩි හරියක් උදව් කරන්නෙ නම් අම්මා..” ඒ දෙන්නට පුළුවන් වෙන වෙලාවට තමයි ගෙදර වැඩ ගැන බලන්නේ කියලා….