ආක්ෂා සුදාරි කියන්නේ මේ වන විට ලංකාවේ අතිශය ජනප්‍රිය වූ රංගන ශිල්පිනියක්.ඇයව ප්‍රේක්ෂකයින් ගොඩක් දෙනෙක් අඳුර ගත්තෙ music videos ඔස්සේයි.ඇය කරළියට පැමිණෙන්නේ ඩාන්ස් ස්ටාර් වේදිකාව ඔස්සේ බැවින් ඇය වටා ඉතා විශාල ප්‍රේක්ෂක පිරිසක් එක්රොක් වී සිටිනවා.ඇයගේ පළමු වන ටෙලි නාට්‍යයේ රූගත කිරීම වැඩ කටයුතු සිදුකරන්නෙ ඉන්දියාවේයි.
ආක්ෂා සුදාරි කියන්නේ ඇත්තටම දුටුවන් වශී කරවන සුළු සුන්දරත්වය ක ට හිමිකම් කියන තරුණියක්.පසුගිය දිනවලදී ඇය පිළිබඳව නොයෙකුත් කට කතා සමාජය අතර කතා බහට ලක් වුවත් ඇය ඒවාට ඉතාම ශක්තිමත්ව මුහුණ දුන්නා.ඉතින් ඇය එක් වූ එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී ඇය පිළිබඳව පවසා සිටියේ මෙවැන්නක්.

“ඇත්තටම කලා ක්ෂේත්‍රයට එන්න මූලික අඩිතාලම මට ලබාදුන්න ස්වර්ණවාහිනී නාලිකාවට මම මේ අවස්ථාවේ මුලින්ම මගේ ස්තුතිය ප්‍රකාශ කර සිටිනවා.මම රංගන ශිල්පිනියක් විදිහට විතරක් නෙවෙයි නිරූපණ ශිල්පිනියක් විදිහට නිවේදිකාවක් විදියට ද වැඩ කටයුතු කරගෙන යමින් සිටිනවා.පහුගිය කාලේ මට සෑහෙන්න ප්‍රශ්න ආවා.නමුත් මම සාමාන්‍යයෙන් නැව ගිලුනත් බෑන් චුන් ලයින් එකෙන් ඉන්නේ.ඒ නිසා ඒ දේවල් වැඩිය හිතට ගන්නේ නැහැ.
මාව ජනතාව අතරට ගොඩක්ම ගිය පැතිකඩක් තමයි music videos කියන්නෙ.නමුත් එහි දෙපැත්තක් තියෙනවා.අපි යම්කිසි music video එකක රංගනයෙන් දායක උනාට පස්සේ එයාලා අපිව මාකට් කරන විදිහට මම කැමති නෑ.මම දායක වුණ ශාහිල් හිමංෂගෙ music video එකේ මාව මාකට් කරල තිබුණු තිබුන විදිහට මම කැමති නෑ.ඒ හරහා ඉතාම කැත චරිතයක ලේබල් එකක් තමයි මට වැදුනේ.

ඇත්තටම මගේත් මේනකාගේ යාලුකම බිඳ වැටිලා නැහැ.නමුත් අපි දෙන්නා අපේ යාලුකම සමාජ මාධ්‍ය ඔස්සේ පෙන්නන්න උත්සහ කරන්නේ නෑ.මොකද මේනකාත් කියලා තියෙන්නේ අපේ යාළුකමට ඇස් වහ වැදෙයි කියල.අනිත් එක තමයි එයාගෙ පෞද්ගලික හේතුවක් මත අපි දෙන්නගෙ photos එලියට දාන්නේ නෑ.
නර්තනයෙන් තමයි ගොඩක් දෙනෙක් මාව අඳුරගත්තේ.රියැලිටි වැඩසටහන් දෙක තුනකින්ම මට ආරාධනා ලැබිලා තියෙනවා.ඉදිරියේදී වෙලාවක් ආවොත් ඒ දේවල් භාර ගැනීමට තමයි හිතාගෙන ඉන්නේ.විවාහ වෙන්න සුදුසුම කෙනා එනකං ඉන්නෙ.මම කොහොමත් විවාහ වෙන්නේ මගේ අතීත ජීවිතය දන්න කෙනෙක් ව.විදේශ ජාතිකයෙක් විවාහ කරගැනීමට තමයි හිතාගෙන ඉන්නේ.එහෙම කිව්ව කියල ලංකාවේ කොල්ලො මාත් එක්ක තරහ වෙන්න එපා.” කියලා තමයි ඇය පවසා සිටියේ.ඉතින් ඇයගේ සියලු ම අනාගත කටයුතුවලට අපි හදවතින්ම සුබ පතනවා.
