හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ නැවත දේශපාලනයට පිවිසෙනවාද? නැත්ද? යන තීන්දුව ඔහු ගත යුතුව ඇති බව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා.
“ඒ් පිළිබඳව තීන්දුව ගත යුත්තේ එතුමා. එතුමාගේ කැමැත්ත අනුව තීන්දු තීරණ ගත යුතුයි. අපිට හැකියාවක් නෑ අනිත් අය වෙනුවෙන් තීන්දු තීරණ ගන්න. ප්‍රථමයෙන් එතුමා තීන්දු කළ යුතුයි මොකක්ද කරන්නේ කියලා, ඊට පස්සේ විධායක සභාවට තීරණය කරන්න පුළුවන් මොකක්ද කරන්නේ කියලා” යනුවෙන් හිටපු ඇමතිවරයා සඳහන් කර සිටිනවා.
ජූලි 09 වෙනිදා මෙරටින් පළා ගිය හිටපු ජනාධිපතිවරයා පෙරේදා යළිත් දිවයිනට පැමිණ තිබෙනවා.
ඒ තායිලන්තයේ දැඩි ආරක්ෂාව මධ්‍යයේ සිටයි.
කෙසේ නමුත් හිටපු ජනාධිපතිවරයාගේ ඉදිරි ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඔහු කිසිත් අදහසක් දක්වා නෑ.
නමුත් ඔහු පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ නම්, තමාගේ අසුන ඔහුට පිරිනැමීමට පවා සූදානම් බව හිටපු ඇමතිනි සීතා අරඹෙපොළ සඳහන් කර තිබුණා.