තිදරු මවක වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට අපහාස වන ආකාරයේ ඡායාරූප පළ කිරීමෙන් වළකින ලෙස ඉල්ලා සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
ශිෂ්ට සම්පන්න සමාජයක් මාතෘත්වයට අපහාස නො කළ යුතු බව ද අග්‍රාමාත්‍යවරයා පවසයි.
සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් මෙන්ම මාධ්‍ය පරිශීලකයන් අමතමින් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කරන්නේ අන් සියලු දේට වඩා ”මව” යන සංකල්පය ඉහළ තැනක තබා කටයුතු කළ යුතු බවයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නිවස අසලට පැමිණ විරෝධය පළ කරද්දී ගත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයේ අපහාසාත්මක ලෙස සංසරණය වීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කරයි.
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය තම නිවස අසලට පැමිණ විරෝධය දැක්වූයේ දේශපාලන ප්‍රශ්නයක් සඳහා වන හෙයින් එය ඊට අදාළ මතවාදයකින් විසඳා ගත යුතු බව කියන අග්‍රාමාත්‍යවරයා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ මාතෘත්වයට අපහාස වන ලෙස ක්‍රියා නොකළ යුතු බව වැඩි දුරටත් පවසයි.
ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ පෝස්ට් කිහිපයක්.



පසුව ඊට ප්‍රතිචාර දක්වමින් හිරුනීකා සිය මුහුනුපොතට සටහනක් ද එක්කර තිබූ අතර, එය සිංහල භාෂාවට පරිවර්තනය කර සමාජ මාධ්‍යයේ සංසරණය වනු දුටුවා.


අංජුල මහික වීරරත්න
Source – Lankadeepa