ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ අධ්යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ ඉවත් කරලීමට ඊයේ (19) සේවක විරෝධයක් පැන නැගුණ අතර අවසානයේ ඔහු ඉල්ලා අස්වී ගෙදර ගොස් තිබෙනවා.
රටේ උද්ගතව ඇති ආර්ථික අර්බුදය හමුවේ සියළු රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවීමට ද අසීරු කාර්යයක්ව තිබියදී, සේවක අත්තිකාල දීමනා හා වෙනත් අනවශ්‍ය වියදම් සියල්ල කපාහැරීමට කටයුතු කරන මොහොතක ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා අධ්යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ, ව්‍යාජ ලිපිගොණු සකසා වැටුප් වර්ධක 10ක් ලබාගනිමින් ලක්ෂ ගණනින් මුදල් වංචා කරන බවටත්, පත්වූ දා සිට සිදුකර ඇති අසාර්ථක ව්‍යාපෘති හරහා සංස්ථා මුදල් නිකරුනේ නාස්ති කරන බවටත්, ඥාති පුත්‍රයකු සේවයට බඳවා ගෙන ඇති බවටත් සේවකයින් චෝදනා කොට තිබෙනවා.
මේ අනුව පීඩාවට පත් සංස්ථා සේවකයින් හා වෘත්තීය සමිති එක්ව අධ්යක්ෂ ජනරාල් කාර්යාලය වටලනු ලැබූ අතර තත්ත්වය පාලනය කිරීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් පී. සත්කුමාර හා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා සභාපති හඩ්සන් සමරසිංහ ද මැදිහත්වී ඇති බව ද වාර්තා වනවා.
පසුව අධ්යක්ෂ ජනරාල්වරයා සිය තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාර දී සංස්ථා භූමියෙන් පිටව ගොස් තිබෙනවා.
