උණුසුම් පුවත්
Search
SANGEETH AND DINITHI

”මගේ ජීවිතේ මෙතනට ගේන්න මැණික හෙවනැල්ල වගේ හිටියා” – රටම කතා කරන තෑග්ගක් පෙම්වතියට දුන්න සංගීත්

921

කලා ක්ෂේත්‍රය තුළ සිටින ප්‍රහසන රංගන ශිල්පියෙක් විදියට කොයි කවුරුත් ආදරේ කරන කෙනෙක් තමයි සුරංග සතරසිංහ කියන්නේ. ඔහුගේ ආදරණීය එකම පුතා තමයි සංගීත් සතරසිංහ කියන්නේ. ඉතින් කඩවසම් තාරුණ්‍යයේ මේ වන විට තරුණියන්ගේ සිහින කුමාරයා බවට පත් වෙලා හිටපු සංගීත් පුංචි තිරය හරහා ටෙලිනාට්‍ය කිහිපයකින් ප්‍රේක්ෂකයින් අතරට එනවා.

image 85

පාර දිගේ ටෙලිනාට්‍යයෙත්, අසිරිමත් දළදා ගමනය ටෙලි නාට්‍යයේ ත් ඔහු රංගනයෙන් දායක වෙනවා. ඉතින් මේ විදිහට පුංචි තිරය තුළ විවිධ චරිත මවා පාමින් තම රංගන දක්ෂතා පෙන්වන කඩවසම් සංගීත් මේ දිනවල ඉතාම ජනප්‍රිය යි. ඒ ඔහු කරගෙන යන යූ ටියුබ් නාලිකාව හරහා ඔහු ප්‍රේක්ෂකයන් අතරට ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේ අත්දැකීම් බෙදා ගන්නා නිසා.

ඉතින් මේ විදිහට කවුරුත් ආදරය කරන සංගීත් ගැන අපිට අසන්නට ලැබුණේ සුබ ආරංචියක්. ඒ ඔහු රංගන ශිල්පිනියක් වගේම වෘත්තියෙන් ගුවන් සේවිකාවක් වන දිනිති වල්ගමගේ සමගින් පෙම් සබඳතාවයක් තියෙන බවටයි. ඉතින් කොහොම වුණත් මේ වන විට නම් මේ ගැන ප්‍රේක්ෂකයන් පවා නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නේ. ඒ වගේම ඔවුන් දෙදෙනා ගැනම කතාබහක් මේ දිනවල සමාජයේ ඇතිවෙලා තියෙනවා. ඒකට හේතුව සංගීත් ඇයට දුන්න අපූරු තෑග්ගක් නිසයි.

image 82

සංගීත් ඔහුගේ පෙම්වතිය වන දිනිතිට බෙන්ස් රථයක් තෑගි කරලා තියෙනවා. මේ ගැන සමාජ මාධ්‍ය පුරා පසුගිය දිනවල නිතරම කතාබහට ලක්වුණා. ඉතින් මේ ගැන සංගීත් අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

image 83

” ජීවිතේ ගොඩක් සතුටු උන දවසක්. සමහර වෙලාවට ජීවිතේට සතුට එන්නේ ටිකක් පහු වෙලා. නිකන් නෙමෙයි ඒකට ගොඩක් මහන්සි වෙන්න ඕන. මැනික මට ඔයා ලැබුනාම ගොඩාක් මං සතුටු උනා. හැබැයි ඔයාට Gift එකක් දෙන්න හිතපු හැම වෙලාවෙම මම අමාරුවෙ වැටුනා, මොකද ඔයා හැමදේම මහන්සියෙන් හමබකරන් තිබ්බ නිසා.

image 84

Audi එකක් පදින ඔයාට මට පුලුවන් විදියට දෙන්න පුලුවන් හොදම තෑග්ග මේක කියලා මන් හිතනවා. මට වැඩිපුරම සතුටු මේක මං ඔයාට ගත්තේ අපි දෙන්නා මහන්සි වෙලා දියුනු කරපු ව්‍යාපාර වල ආදායමෙන්. මගේ Life එක මෙතනට ගේන්න මැනික පස්සෙන්ම හෙවනැල්ල වගේ හිටියා. ඒකට Thank කරන්න මේකත් මදි. සතුටින් ඉන්න.. ආදරෙයි…. ” කියලා තමයි ඔහු සඳහන් කර තියෙන්නේ.