උණුසුම් පුවත්
Search
dinakshie

රසිකයින් කැළඹු දිනක්ෂිගේ සරාගී වීඩියෝව

20578

සමාජ මාධ්‍ය නිසා නිරන්තරයෙන් කතාබහට ලක්වෙන අපේ රටේ ප්‍රසිද්ධ රංගන ශිල්පිනියක් තමයි දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ.

වෘත්තිමය දක්ෂතාවය වගේම සමාජ මාධ්‍ය ඔස්සේත් නිරන්තරයෙන් තොරතුරු යාවත්කාලීන කරන ඇය ඒ නිසාම බොහෝ දෙනාගේ අවදානයට යොමුවන කෙනෙක් කිව්වොත් හරි.

පෞද්ගලික ජීවිතයේ තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ රසිකයින් සමඟ බෙදාහදා ගන්න එක ඇය හැමදාම වගේ කරන දෙයක්.

image 321

අපේ රටේ දක්ෂ රංගන ශිල්පියෙකු මෙන්ම නිවේදකයෙකු සහ ගායකයෙකු ලෙසත් දස්කම් දක්වන සාරංග දිසාසේකර සමඟ විවාහ වී සිටින ඇය මේ වන විට එක්දරු මවක්.

දියණියගේ කටයුතු, වෘත්තිමය කටයුතු අතරේ ගමන් බිමන් යන්න, විනෝද වෙන්න අමතක නොකරන කෙනෙක් තමයි දිනක්ෂි කියන්නේ.

image 322

ඉතින් සුපුරුදු පරිදි දිනක්ෂි ආයෙත් රටේ කතාබහක් ඇති කරන වීඩියෝවක් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමට එක්කර තිබෙනවා.

ඒ ඇය විවේකයක් ලද සැණින් ගිය විනෝද ගමනක් අතරතුර වීඩියෝ කරන ලද්දක්.

එහි ඇය උදෑසන පිහිනුම් තටාකයක් ආසන්නයට දිය නෑමට සුදුසු ඇඳුමකින් සැරසී යන අයුරු දැකගන්නට පුළුවන්.

ඇය ”Mornings by the pool” යනුවෙන් සටහන් කරමින් ඒ සමඟ වීඩියෝව එක්කර තිබෙනවා.

image 325

නමුත් මේ වීඩියෝව සම්බන්ධයෙන් බොහෝ දෙනා විවිධ අදහස් පළ කර තිබෙනු දක්නට ලැබෙනවා.

එහි ඇයගේ ශරීරාංග කොටස් නිරාවරණය වන අයුරු ඇතැම් තැනක දැකගත හැකි අතරම ඒ සම්බන්ධයෙන් ඇයගේ රසික රසිකාවියන් අදහස් දක්වා ඇත්තේ මෙලෙසිනි.

image 323
image 324



Leave a Reply

Your email address will not be published. Required fields are marked *