දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ඇත්තටම අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන, ප්‍රසිද්ධ රංගන ශිල්පිනියක්.. මේ වෙනකොට ජනප්‍රියත්වයේ හිනි පෙත්තටම ගියපු ඇය සහ සාරංග ගැන මේ වෙනකොට නොදන්නා කෙනෙක් නැති තරම්. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය තුළ මේ මුළු පවුලම ප්රකටයි.
ඉතින් මේ අතරින් කාන්තා පාර්ශ්වය නම් ගොඩක් දිනක්ෂිට ආදරය කරන්නේ ඇගේ රංගනය නිසාම විතරක් නෙවෙයි.. ඇගේ විලාසිතා වලටත් බොහෝ දෙනෙක් කැමැත්තක් දක්වන නිසා….. ඕනෑම උත්සව අවස්ථාවකදී වුණත් දිනක්ෂි කියන්නේ පිරිස අතරින් බොහෝ විට කැපී පෙනෙන චරිතයක්.. එය ඇගේ විලාසිතා නිසා කිව්වොත් හරියටම හරි..
ඉතින් කාලයෙන් කාලයට පුවත් මවන දිනක්ෂි ඔන්න ආයෙත් කාලෙකට පස්සේ ටිකක් වෙනස් විදිහේ ෆොටෝ ෂූට් එකක් කරලා තිබුණා.. කොහොමද බලන්නකෝ බොලිවුඩ් නිලියක් වගේ හැඩවුණ ඇගේ අපූරුව..