රට පුරා ඩීසල් හිඟයක් යළින් හටගෙන තිබෙනවා.
මේ හේතුවෙන් ඊයේ (03) කොළඹ ඇතුළු දිවයිනේ ප්රදේශ රැසකම ඉන්ධනහල් අසල ඩීසල් ලබා ගැනීම සඳහා පෞද්ගලික බස්රථ, ලොරි රථ ඇතුළු වාහන නවතාගෙන සිටින ආකාරය දැකගත හැකි වුණා.
බොහෝ වාහන පෝලිම් කිලෝමීටර් පහහය ආදී දුරකට විහිදී තිබූ ආකාරය දක්නට ලැබිණා.
සමහර ඉන්ධන පිරවුම්හල් අසල ඩීසල් ලබා ගැනීමට පැමිණි පිරිස් හා ඉන්ධනහල් හිමිකරුවන් අතර බහින්බස් වීම් හා පහරදීම් වාර්තා වූ අතර ඊයේ දිනයේ පෙට්රල් පෝලිම් දක්නට නොලැබුණු බවයි වාර්තා වන්නේ.
තෙල් ලබාගැනීමට පැමිණි පිරිස් ඉක්මනින්ම තම යතුරුපැදියට, ත්රිරෝද රථයට, මෝටර් රථයට පෙට්රල් ලබා ගෙන යනු දැක ගත හැකිව තිබුණා.