“ලබ සවන් රන්පතින්..”, “මුහුද හඬන වෙලාවේ” වැනි අතිශය ජනප්‍රිය ගී ගැයූ මධුමාදව අරවින්ද මුහුණු පොතෙත් කැපී පෙනෙන චරිතයක්. විශේෂයෙන් විටින් විට ඔහු පළ කරන ආන්දෝලනාත්මක සටහන් නිසා බොහෝ දෙනාගේ අවධානයට ලක්වනවා. කලා ක්ෂේත්‍රයෙන් අත් පොත් තිබ්බත් පසුකාලීනව දේශපාලනයට පිවිසීමත් සමඟ ඔහු ගැන විවිධ ප්‍රතිචාර සමාජගත වුණා.
පෞද්ගලික ජීවිතය තුළත් විවාහ දෙකකට සමු දුන් ඔහු මේ වන විට තෙවන විවාහක බිරිඳ නිලූ සමඟ නම් සතුටින් ජීවත්වනවා. පළමු විවාහයෙන් ඔහුට දියණියක් ද සිටිනවා.
කෙසේ නමුත් පසුගිය දවසකත් මධුමාදව අපූරු සටහනක් මුහුණු පොතට එක් කර තිබුණා. සටහනක් කිව්වට මේක අපූරු කවියක්…. ඔහු අහඹු ලෙස ගත් එක්තරා ඡායාරූපයකට තමයි මේ කවිය ලියා පළ කරලා තිබුණේ…
මේ තියෙන්නේ ඒ කවිය සහ ඡායාරූපය…
“සොයුරු පෙමට කියන්න කියලයි හිතුවේ
ලලනා හිත අපේ ගැන වැරැදිම හිතුවේ
නට නට ඇස් එරෙව්වාට ඔහොම බලා
හැට හතරට තව මායම් එකතු කලා
බොට හිතුනට අපි බලන්නෙ බඩ කියලා
මට විතරද පෙනුනේ හැට්ටය ඉරිලා
මදු මාදව සිල්වන්ත..”