උණුසුම් පුවත්
Search
shesharie baby

අක්කා ලොවටම වසන් කළත් නංගි ලොවටම පෙන්වූ ප්‍රියසාද් පවුලේ අලුත උපන් දෝණි (ඡායාරූප සහිතයි)

46730

ප්‍රියසාද් පවුල කියන්නේ අපේ රටේ කලා ක්ෂේත්‍රයේ බොහෝ දෙනාගේ අවදානය දිනාගත්ත පවුලක්.

ඉතින් සමාජ මාධ්‍ය නිසාම බොහෝ දෙනා අතර ජනප්‍රිය මේ පවුල පුවත් මවන්නත් සමත් කිව්වොත් වරදක් නෑ.

ඒ නිසාම ඔවුන්ගේ සැම ක්‍රියාවක්ම පුවතක් බවට පත්වෙන්න වැඩි වෙලාවක් යන්නේ නෑ.

image 242

දියණියන් තිදෙනේක්ගේ ක්‍රියාකාරකම් නිසා තමයි මේ පවුල මේ විදියට ජනප්‍රියත්වයට පත්වෙන්නේ.

කොහොම නමුත් මේ පවුලේ අලුත්ම පුවතක් තමයි ශේෂාද්‍රි මව් පදවිය ලැබීම.

image 238

දිනක්ෂිගෙන් පසු ඇය මව් පදවිය ලබා මේ වන විට මාස කිහිපයක් ගත වී අවසන්.

කොහොම නමුත් බොහෝ දෙනා බලාපොරොත්තුවෙන් සිටි දිනක්ෂිගේ දියණිය තවමත් ප්‍රේක්ෂකයින්ට පෙන්වන්නට ඔවුන් කටයුතු කර නැහැ.

image 239

මේ නිසාම දිනක්ෂි සහ සාරංග ප්‍රේක්ෂකයින්ගෙන් ඇති තරම් වෛරී ප්‍රතිචාර අත්විඳිමින් ඉන්න බවක් ඔවුන්ගේ සමාජ මාධ්‍ය භාවිතය තුළ දැකගන්නත් ලැබෙනවා.

image 240

කොහොම වුණත් එවන් මොහොතක ශේෂාද්‍රි හදිසියේම ඇයගේ පුංචි පවුලේ පින්තූරයක් සමාජ මාධ්‍යට එක්කරන්න කටයුතු කර තියෙනවා.

image 237

මේ ගැන බොහෝ දෙනා අදහස් දක්වලා තිබුනෙ ශේෂාද්‍රි නම් දිනක්ෂිට වඩා නිහතමානී රංගන ශිල්පිනියක් ලෙසයි.

image 241

කොහොම නමුත් මේ පවුලේ පුංචිම දියණිය වුණ ශනුද්‍රිත් දැන් පෙම්වතියක් බව නොරහසක්.

image 243