උණුසුම් පුවත්
Search
dhanushka 1 1

ධනුෂ්කගේ තීන්දුව හෙට – විදෙස්කත සමඟ කළ Chat History ඕස්ට්‍රෙලියානු මාධ්‍ය ප්‍රසිද්ධ කරයි

2107

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ගත වූ සතියේ දින හතරක් පුරා ඩව්නිං සෙන්ටර් දිස්ත්‍රික් උසාවියේ නඩු විභාගයට පෙනී සිටියේ අවසරයකින් තොරව ලිංගික අපයෝජන චෝදනාවකට නිවැරැදිකරු බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුවය. නඩුවේ තීන්දුව හෙට (28) ලබාදෙන්නට නියමිත අතර එහිදී ඔහු වරදකරු වුවහොත් ඕස්ට්‍රෙලියානු නීති අනුව වසර ගණනාවක් සිරගතවීමට සිදුවීමේ අවදානමක්ද පවතී.

32 හැවිරිදි පිතිකරුවාට චෝදනා එල්ල වී තිබුනේ පසුගිය වසරේ නොවැම්බර් 02 වන දින සිඩ්නි හි නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි කාන්තාවකගේ නිවසේදී කාන්තාවක් සමඟ ලිංගිකව එක්වෙමින් සිටියදී උපත් පාලන කොපුවක් ඉවත් කළ සිදුවීමකි.

Australia case : Another positive update for Danushka - NewsWire

ධනුෂ්ක සහ කාන්තාව ඔක්‌තෝබර් 29 වැනිදා සිට ටින්ඩර් ඇප් එක ඔස්සේ පණිවිඩ යැවීම් කර ඇති අතර පසුව ඇය සොයා ඔහු ගමන් කළ ආකාරය උසාවියේදී දිග හැරිණි.

ටින්ඩර් හා ඉන්ස්ටර්ග්‍රැම් ඔස්සේ ඔවුන් පවත්වාගෙන ගිය සම්බන්ධය උසාවි තීන්දුවට අවශ්‍ය බැවින් ඒ ගැන විශේෂ අවධානයක් යොමු කෙරිණි.

මෙම ‘චැට්‘ වලදී සිඩ්නි කාන්තාවට ඔහුව බැලීමට බ්‍රිස්බේන් වෙත පියාසර කරන ලෙස ඔහු ඉල්ලා සිටි අතර ඔහුට “හැඟීමක්” ඇති නිසා ඔවුන් “එකිනෙකාට කැමති” බව විශ්වාස කරන්නේ යයි ඔහු ඇයට පැවසීය.

ඕස්ට්‍රෙලියානු මාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත් කළ ධනුෂ්ක හා කාන්තාව අතර චැට් පණිවිඩ පහත පරිදිය.

77%20(1) down