උණුසුම් පුවත්
Search
dhanushka

ධනුෂ්ක තනි නිවසක ඇප මත ඉන්න අධිකරණයෙන් අවසර ඉල්ලයි

657

කාන්තාවකට කිහිප වතාවක්ම අතවර කිරීමේ චෝදනාවට ලක්ව සිඩ්නි හි ඇප මත කල් ගෙවන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක, නැවත අධිකරණයේ පෙනී සිටීමින් තම ඇප කොන්දේසියක් වෙනස් කිරීමට ඉල්ලා තිබේ.

එක් නිදන කාමරයක මහල් නිවාසයකට යාමට අවසර දෙන ලෙස ඔහු සිකුරාදා අධිකරණයෙන් ඉල්ලා තිබේ.

ආධාරකරුවෙකු සමඟ වාසය කිරීමට ඔහුට පනවා තිබූ ඇප කොන්දේසි වෙනස් කිරීමට අවශ්‍ය බව ඔහු පවසා ඇත.

image 190

“එයා කාත් එක්කවත් ජීවත් වෙන්නේ නැහැ. එයා එක් නිදන කාමරයක් සහිත මහල් නිවාසයක් සොයාගෙන ඇත.” ධනුෂ්කගේ නීතිඥ ඇලන් සහිනොවික් අධිකරණයේදී පැවසීය.

31 හැවිරිදි ධනුෂ්ක ගුණතිලක අතවර චෝදනා ලද පසු දින 11ක් රිමාන්ඩ් භාරයේ සිටි අතර පසුව පසුගිය මාසයේ ඇප ලබාගත්තේ රටින් පිටව යාම තහනම, සමාජ මාධ්‍ය භාවිතය තහනම ඇතුළු කොන්දේසි රැසක් සමගිනි.

image 191

කෙසේ නමුත් සිඩ්නි නුවර බටහිර ප්‍රදේශයේ රෝඩ්ස් හි නව ලිපිනය උසාවිය විසින් විමසීමෙන් පසු මෙම වෙනස්කම සදහා මහේස්ත්‍රාත්වරිය ක්ලෙයාර් ෆර්නන්, අවසර ලබාදී ඇති අතර ජනවාරි 12 දක්වා නඩුව කල් තබා ඇත.