උණුසුම් පුවත්
Search
dhanushka

ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට

1109

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

කාන්තාවක් සිදු කළ පැමිණිල්ලක් මත ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

20/20 ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමග ඔස්ට්‍රේලියාවට ගිය ගුණතිලක එහි දී තුවාල ලැබුවා.

නමුත් ඔහුව එහි තබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ එංගලන්තය සමග තරග කළ අතර ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ එම තරගයෙන් අනතුරුව බවයි සඳහන් වන්නේ.

එම තරගය සිඩ්නිහිදී පවත්වනු ලැබුවා.