උණුසුම් පුවත්
Search
dhanushka gunathilaka

ධනුෂ්ක ගුණතිලකට ඕස්ට්‍රේලියාවේ ඇවිදින්න අවසර

216

මාස 08කට වැඩි කාලයක් ඕස්ට්‍රේලියාවේ සිරව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ඇප කොන්දේසි ලිහිල් කිරීමෙන් පසු එරට තුළ සංචාරය කිරීමට අවසර ලබා දී ඇත.

ධනුෂ්ක ගුණතිලක අඟහරුවාදා සිඩ්නි ඩව්නිං සෙන්ටර් දිස්ත්‍රික් උසාවියේ පෙනී සිටි අවස්ථාවේ ඔහුගේ නීතිඥයෝ ඇප කොන්දේසි ලිහිල් කරන ලෙස ඉල්ලා සිටියහ.

පසුගිය වසරේ විස්සයි-20 ලෝක කුසලානය සඳහා ඕස්ට්‍රේලියාවට පැමිණ සිටියදී, සිඩ්නි නිවසක් තුළ දී කාන්තාවක් දූෂණය කිරීම සම්බන්ධයෙන් ඔහු මීට පෙර වරද පිළිගෙන ඇත.

Danushka Gunathilaka allowed back on social media after court ruling

ධනුෂ්ක පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී සිය සගයන් සමඟ ශ්‍රී ලංකාවට පියාසර කිරීමට සූදානම්ව සිටිය දී අත්අඩංගුවට ගෙන චෝදනාවට ලක් වූ අතර එතැන් සිට ඔහුට රට හැරයෑම වළක්වා තිබේ.

ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය භාරදෙන ලෙසත් කිසිදු ගුවන් තොටුපොළකට නොපැමිණෙන ලෙසත් දැඩි කොන්දේසි සහිතව 2022 නොවැම්බර් 17 වැනි දින ඔහුට ඇප නියම විය.

Cricket news 2023: Sri Lankan cricketer Danushka Gunathilaka accused of raping woman

ධනුෂ්කගේ නව ඉල්ලීමට අනුව වැඩ බලන විනිසුරු ග්‍රේම් හෙන්සන්, මෙම සතියේ දින 04කට සහ මාසය අවසානයේ දින 04කට රට තුළ සංචාරය සඳහා ගුවන් තොටුපොළ වෙත ළඟාවීමේ තහනම අත්හිටුවීමට එකඟතාව පළකර ඇත.

ඔහු ඕස්ට්‍රේලියාව තුළ සංචාරය කිරීමට අදහස් කරන්නේ නම්, තම සංචාරයේ කාල සීමාව, ස්ථානය සහ ගමන් මාර්ගය සමඟ අවම වශයෙන් පැය 48කට පෙර පොලිසියට දැනුම් දිය යුතු බව ඔහු නියම කළේය.

කෙසේ වෙතත්, 32 හැවිරිදි ධනුෂ්කට තවමත් සතියකට තුන්වතාවක් පොලිසියට වාර්තා කළ යුතු අතර එක් ජංගම දුරකථනයක් ළඟ තබාගැනීමට පමණක් අවසර ඇත.