උණුසුම් පුවත්
Search
geethma

”වයස 27ක් වුණාට මගේ පෙම්වතා සාර්ථක ව්‍යාපාරිකයෙක්” – ගීත්මා බණ්ඩාර

669

සංගීතේ ටෙලිනාට්‍යයේ සහ ඇස් ටෙලිනාට්‍ය තුළ ප්‍රධාන චරිත වලට රංගනයෙන් දායකවෙමින් ප්‍රේක්ෂක අපේ ආලින්දයට එන ඇය ගීත්මා බණ්ඩාර. හිරු නාලිකාව හරහා අවුරුදු කුමාරි තරඟාවලිය කින් කලා ක්ෂේත්‍රයට පිවිසුණු ගීත්මා මේ වන විට නම් ප්‍රේක්ෂකයන් අතර බෙහෙවින් ජනප්‍රිය චරිතයක් වෙලා. කලා ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් සමගින් සහයෝගයෙන් වැඩ කටයුතු කරන ගීත්මාට ප්‍රවීණයන්ගෙන් ලැබෙන්නේ ලොකු සහයෝගයක්. ඉතින් ඇයි කියන්නේ ඇගේ රංගන ජීවිතය තුළ ප්‍රධාන චරිතයකට රංගනයෙන් දායක වුණේ අහස් මාලිගා ටෙලි නාට්‍යයට කියලයි. සංගීතතේ ටෙලි නාට්‍යයේ රංගනයෙන් දායක වීමෙන් පසුව තමයි ඇයට මේ තරම් උණුසුම් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙන්නේ.

image 33

මෑතකදී ඇය රංගනයෙන් දායක වුණු ඇස් ටෙලි නාට්‍යයත් නුවර වැව රවුම සිහිගන්වන හරි ආදරණීය ටෙලිනාට්‍යයක්. ඉතින් එහි සංවරී විදියට ගීත්මා ප්‍රේක්ෂකයා අතරට ගියා. පසුගිය කාලයේ දී ගීත්මා ගැන වැඩිපුර සමාජ මාධ්‍ය තුළ කතා කරන්නට වුණා. ඒ ඇගේ ආදරණීය පෙම්වතා නිසා. ඉතින් ගීත්මා තම ආදරණීය පෙම්වතා ගැන කිව්වේ මේ වගේ අදහසක්.

image 34

”මගේ පෙම්වතා වයස අවුරුදු 27 යි. ඔහු වෘත්තියෙන් ව්‍යාපාරිකයෙක්. වයස විසිහතක් වුණාට ඔහු සාර්ථක ව්‍යාපාරිකයෙක් විදිහට වැඩ කටයුතු කරනවා. වෘත්තියත් එක්ක ඔහු ගොඩක් කාර්යබහුල චරිතයක්. අපේ ආදර කතාව දැන් අවුරුදු කිහිපයක් වෙනවා. ලඟදිම විවාහ වෙන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නේ. කෙනෙකුට ජීවිතේ කිසිම දෙයක් නිසා මග හැරෙන්න හිතෙන්නැති ආදරවන්තයෙක් තමයි ඔහු.

image 36

මගේ පෙම්වතා රංගන ශිල්පියෙක් නෙමෙයි…. ඔහු වෘත්තීමය අතින් කාර්යබහුල නිසා ව්‍යායාම කිරීම මගහැරුනා අපි දෙන්නටම.

image 38

මගේ ජීවිතය හැමදේම මං හරි වෙලාවට කරනවා. මට හිතෙනවා අසීමිතව මට ආදරේ කරන කෙනාට නිසි ගෞරවය හිමිවිය යුතුයි කියලා. මොකද මම සාර්ථක රංගන ශිල්පිනියක් නම් ඒ ගෞරවය හිමිවිය යුත්තේ ඔහුටයි.”

image 37