මේ දිනවල ගොඩක් දෙනෙක් ආදරේ කරන ඒ වගේම ආසාවෙන් බලන බලන්නත් අමතක නොකරන ටෙලි නාට්‍යයක් තමයි ”පාර දිගේ” ටෙලි නාට්‍ය කියන්නේ. මේ ටෙලි නිර්මාණය හරහා මීට කලින් අපි නොදැකපු නව මුහුණු රැසක් දැක බලාගන්න අවස්ථාව උදාවුණා. ඉතින් ඒ විදිහට රංගන ක්ෂේත්රයට ආපු මේ වෙද්දි ගොඩක් දෙනෙක් ආදරේ කරන දක්ෂ රංගන ශිල්පිනියක් තමයි දේශානි නෙහාරා කියන්නේ. ඇය පාර දිගේ ටෙලි නාට්‍යයේ ආන්යා කියන චරිතය හරහා ප්‍රේක්ෂකයින්ගේ හදවත් දිනාගන්නවා.
පාසල් යන කාලේ ඉඳන්ම ඇය නිළියක් වෙන්න ආසාවෙන් ඉඳලා තියනවා. ඒ වගේම නිරූපණ ක්ෂේත්රයටත් ගොඩක් ආසා කරපු කෙනෙක්. ඉතිං රංගනයට යොමු වන ආකාරය ගැන ඇය කිව්වේ මේ වගේ කතාවක්….
“රඟපාන්න පුංචි කාලේ නම් ඉඳන් ආසයි…. වැඩියම ආස මේ සාමාන්‍ය පෙළ කරන කාලේ. ඒ ගැන මම අම්මටත් කිව්වා…. මටත් වැඩිය අම්මගෙන් කැමැත්තක් තිබුණා ඒකට. පාසලේ කලා වැඩ කටයුතු වලට මම සම්බන්ධ වුණා.
නර්තනය විෂයක් විදියටත් හැදෑරුවා, ඒ නිසා කුඩා කාලයේ ඉඳලම දක්ෂතා තිබුණා….. නිරූපණ ක්ෂේත්රයටත් මම ආස කළා…. නිරූපණ කටයුතු කරන අතරේ රංගනයට අවස්ථාවක් ලැබෙයි කියලා බලාගෙන හිටියා…”
ඉතිං එහෙම අවස්ථාවක් ලැබෙයි කියලා බලාගෙන හිටියත් ඇයට බොහෝ කාලයක් යනකන් අවස්ථාවක් ලැබී නැති බව තමයි කිව්වේ. ඊට පස්සේ අහම්බෙන් තමයි පාර දිගේ ටෙලි නාට්‍යයත් එක්ක මේ සුන්දර යුවතියට සම්බන්ධ වෙන්න ඉඩකඩ ලැබුණේ. මේක ඇගේ පළවෙනි ටෙලිනාට්‍යය කියලත් ඇය කිව්වා…. ඒ නිසාම මුලින්ම දේශානිට හිතලා තියෙනවා මේක සාර්ථකව කරගෙන යන්න හැකියාව තියෙයිද නැද්ද කියන බයත්. නමුත් රටේ ප්‍රවීනයන් පිරිසක් එක්ක වැඩ කටයුතු කරන්න ලැබීම නිසා ඒ සියලුම දෙනාගෙන් ලොකු සහයෝගයත් ඇයට ලැබිලා තියෙනවා.
ඉතින් ඒ ගැන ඇය කියන්නේ මෙහෙම කතාවක්…
”අද කොයිතරම් දුරට රංගන ශිල්පිනියක් විදිහට සාර්ථක ද කියනවා නම් පාරක තොටක බැහැලා ගියත් ගොඩක් දෙනෙක් කතා කරන්නේ ”ආන්”යා කියන නමෙන්… එනිසාම වෙනදට වඩා ගොඩාක් සතුටින් රංගනය තව තවත් හොඳට කරන්න ඉගෙනීම් කටයුතු කරනවා.”
රංගනයට ගෙදරින් ලැබෙන සහයෝගය ගැන ඇය කිව්වේ මෙහෙම…
“ගෙදරින් ලොකු සහයෝගයක් හම්බුනා… ඇත්තටම කිව්වොත් තාත්තා නම් මුලින් ගොඩක් අකමැති වුණා. ගෙදරදි කෑගහලා අඬලා තමයි කැමැත්ත ගත්තෙ රඟපාන්න…. දැන් නං අම්මගෙ වගේම තාත්ත ගෙනුත් ලොකු සහයෝගයක් ලැබෙනවා. මගේ තනියට එන්නෙත් ඒ දෙන්නා… අම්මා නැත්නම් අක්කා තමයි මගෙත් එක්ක ශූටින් ඉන්න එන්නෙ.”
දැන් තාත්තාගේ ප්‍රතිචාර ගැන කිව්වේ ඇය මේ විදියට…
” තාත්තා මුලින් අකමැති වුනත් දැන් නම් බොහෝම ආසාවෙන් මේ නාට්‍ය බලනවා විතරක් නෙවෙයි එයාගේ දුව මේ නාට්‍යයේ රඟපානවා කියලත් හැමෝටම කියනවා…”
- ”මට ලැබුණු ලොකුම සපෝටර් තමයි හස්බන්ඩ්” – ලෝකේ වටේ ඇවිදින හේෂානි ලියඳිපිට
- පිට යන සැමියාව ”ත්‍රිත්ව තලාක්” ක්‍රමයට දික්කසාද කළ ඩුබායි කුමරියගෙන් “Divorce” නම් සුවඳ විලවුන් පෙළක්
- ”රඟපාන්න ආවේ නැත්නම් මම ගුරුවරියක් හෝ ගිණුම්කරණ නිලධාරිනියක් වේවි” – දුෂේනි මියුරංගි
- ”පෞද්ගලික ජීවිතයේ මම කන බොන දේවල්, ගෙදර ඉන්න විදිහ ප්‍රසිද්ධ කරන්න වුවමනාවක් නෑ” – වොල්ගා කල්පනී
- දීපිකා සහ රන්වීර් දියණියකට දාව මව් පිය පදවි ලබයි (ඡායාරූප සහිතයි)