දිස්ත්‍රික්ක 07ක ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අධි අවදානමක් පවතින බව වාර්තා වනවා.
සිදුකළ කීට විද්‍යා සමීක්‍ෂණ වල දී ඩෙංගු රෝග ප්‍රධාන වාහක මදුරුවාගේ බෝ වීම ඉහළ ගොස් තිබෙන බව තහවුරු කරගෙන තිබෙන බව රජයේ කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ සභාපති ජයමිනි මිගෙල්හේවා මහතා සඳහන් කර සිටිනවා.
ගාල්ල, මාතර, කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, යාපනය යන දිස්ත්‍රික්ක වල සිදුකළ සමීක්‍ෂණ වල දී ඊඩිස් ඊජිප්ටස් ඩෙංගු මදුරු ඝනත්වය ඉහළ අගයක පවතින බව තහවුරු කරගෙන ඇති අතර ඩෙංගු රෝග වාහක ප්‍රධාන මදුරු විශේෂය මෙය වේ.
පසුගිය වසරට සාපේක්‍ෂව ගෙවුණු මාස කීපය පුරා ඉහළ ගොස් ඇති බවත්, මාර්තු මාසය දක්වා ඩෙංගු රෝග ව්‍යාප්තිය ඉහළ යනු ඇති බවත් සභාපතිවරයා පැවසීය.