දීපිකා පදුකෝන් බොලිවුඩයේ ඉහළම මුදලක් අය කරන තරු අතරේ පෙරමුණේ පසුවන තරුවක්.
ෆිල්ම්ෆෙයාර් සම්මාන ත‍්‍රිත්වයකට හිමිකම් කියන ඇය මෑත කාලීනව දායක වූ පද්මාවත් චිත‍්‍රපටය මහත් ආන්දෝලනයක් ඇති කිරීමට සමත් වූවක්.
2006 වසරේදී අයිශ්වර්යා නම් කණ්ණඩ චිත‍්‍රපටයෙන් සිනමාවට පිවිසියත් ඇය ඉහළ ජනප‍්‍රියත්වක් ලබා ගත්තේ ඇයගේ දෙවැනි චිත‍්‍රපටය වූ ඕම් ශාන්ති ඕම් චිත‍්‍රපටයෙන්.

එදා මෙදාතුර 15 වසරක සිනමා දිවියේ තමා වඩාත්ම ප‍්‍රිය කළ චරිතය ඇය පසුගියදා හෙළි කළාය.
ඇය පැවසූයේ 2015 වසරේදී තිරගත වූ පීකු චිත‍්‍රපටයේ පීකු බැනර්ජි නම් චරිතය තමා විසින් පණ පෙවූ සියලූම චරිත අතරින් තම හදවතේ විශේෂ ස්ථානයක් ගන්නා බවයි. පීකු චිත‍්‍රපටයේ අමිතාබ් බච්චන් සහ ඉර්ෆාන් ඛාන් ද ඇය සමඟ රංගනයෙන් එක් වූහ. එහිදී ඇගේ පියාගේ චරිතයට අමිතාබ් බච්චන් පණ පොවන විට දී ඔවුන්ගේ රියැදුරු ලෙස චරිත මැවූයේ අභාවප‍්‍රාප්ත ඉර්ෆාන් ඛාන්ය.

”පීකු බැනර්ජි කියන්නේ අධිෂ්ඨානශීලි, ශක්තිමක් තරුණියක්. මගේ මව්පියන් ඉදිරියට යන විට පවා ඒ චරිතය මට ආඩම්බරයක්. ඒ වගේම චිත‍්‍රපටයේ විශේෂ දෙයක් තිබුණා. අමිතාම් බච්චන් නම් ජ්‍යෙෂ්ඨ රංගධරයා සහ ඉර්ෆාන් ඛාන් සමඟ රංගනය සුන්දර අත්දැකීමක්” දීපිකා පවසන්නීය.

දීපිකා මේ වන විට ප‍්‍රභාස් සමඟ ප්‍රොජෙක්ට් කේ චිත‍්‍රපටයට දායක වෙමින් සිටින අතර ෂාරුක් ඛාන් සමඟ සිද්ධාර්ත් ආනන්ද්ගේ පතාන් චිත‍්‍රපටයේ රූගත කිරීම් අවසන් කළාය.
තවද රිතික් රෝෂන් සමඟ ඇගේ පළමු රංගනය දැක්වෙන ෆයිටර් චිත‍්‍රපටය වෙනුවෙන් අත්සන් තබා ඇත.
