උණුසුම් පුවත්
Search
Untitled design 14

තරුණියන්ගේ සිහින බොඳ කරමින් දර්ශන් දෙසැම්බරයේ තට්ටෙ ගාන්න තීරණය කරයි

472

මෑත කාලීනව කලා ක්ෂේත්‍රයේ සිටින ඉතාමත්ම ජනප්‍රිය දමිළ කලාකරුවෙක් තමයි දර්ශන් තේවරාජා කියලා කියන්නේ. තුර්කි නළුවෙකුගේ පෙනුමට සමාන පෙනුමකට හිමිකම් කියන ඔහුට ලංකාවේ සිටින බොහෝ තරුණියන්ගේ නිරන්තර ආකර්ෂණය හිමි වී තිබෙනවා. ජනප්‍රිය ගායන ශිල්පිනී රයිනි චාරුකා ගායනා කරන ලද කලුවරට හිත බය හින්ද ගීතයේ රූප රචනයට සිය රංගන දායකත්වය ලබා දුන් ඔහු මෙවර දීපාවලියේ දී ඔහුගේම ගීතයක් නිකුත් කරලා තිබුණා. ඉතින් ඒ සඳහාත් ඔහුට බොහෝ රසික රසිකාවියන්ගේ උණුසුම් ප්‍රතිචාර ලැබී තිබුණු බව අපට දැකගන්නට පුළුවන් වුණා.

ඉතින් පසුගිය දිනක දී ඔහු එක් වූ එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී ඔහු පිළිබඳව නවතම තොරතුරු රැසක් කියා සිටියා. ඒ මේ විදියට.

312742224 190424633500637 953564412490396064 n

” මගේ අලුත්ම ගීතය දීපාවලි රෑ. ඉතින් ඒක ගැන කතා කළොත් මේ ගීතය නිෂ්පදානය කළේ ටොරානා ඩිජිටල් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයෙන්. දීපවාලි රෑ ගීතයේ පද රචනාව නිලාර් එන්. කාසිම්ගේ. ගීතයේ රූප රචනාව අධ්‍යක්ෂණය සිදු කළේ එවාන් රාජමන්ත්‍රී. කොරියෝ ග්‍රැෆි අවිශ්ක කලණ” ෆනී ත්‍යාගරාජාගේ තමයි සංගීතය. මාත් එක්ක ගායනයෙන් අයෙෂ්මා තත්සරණි දායක වෙනවා. මේ ගීතයෙන් කියැවෙන්නේ දමිළ තරුණයෙක් සහ සිංහල තරුණියක් අතර සම්බන්ධතාවක් පටන් ගැනීම ගැනයි. සිංහල තරුණියගේ සංස්කෘතිය ගැන මම මගේ ගායනයෙන් හඳුන්වා දෙනවා. සිංහල තරුණිය දමිළ තරුණයාගේ පවතින සංස්කෘතිය ගැන ගායනයෙන් හඳුන්වලා දෙනවා.

307700911 182326897643744 5301286058171190855 n

දෙසැම්බර් වල ප්‍රංශ චිත්‍රපට උළෙලට ඉදිරිපත් කරන ලංකාවේ රූගත කරන සිංහල චිත්‍රපටයකට මට ආරාධනාවක් ලැබුණා. ප්‍රංශයේ ජීවත්වන සිංහල ජාතිකයන් තමයි මේ නිෂ්පාදනය සිදු කරන්නේ. මෙහි මූලික පියවරයි දැන් ආරම්භ කළේ. ඒකත් මගේ ජීවිතයේ නව හැරවුම් ලක්ෂ්‍යයක් වෙනවා. පළමු වතාවට දෙසැම්බරයේ තට්ටේ ගාන්න ඉන්නේ. බාහිර පෙනුම වෙනස් කරලා තමයි act කරන්න යන්නේ. පෙනුම වෙනස් කරලා කරන Acting වලින් මම hit වුණොත් ගොඩ තමයි. “

ඉතින් මේ විදියට අදහස් දක්වන ඔහුගේ සියලුම වැඩ වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

305972774 181992164343884 2077625048747686740 n