උණුසුම් පුවත්
Search
mattala and rathmalana airport

මත්තල සහ රත්මලාන වැසී යාමේ අනතුරක් ?

226

දැඩි මූල්‍ය අර්බුදය හේතුවෙන් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ රත්මලාන ගුවන්තොටුපොළ වැසීයාමේ අනතුරක් මතුව ඇතැයි වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන වරාය සහ ගුවන් සේවා අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු පැවසුවේ ආර්ථික අර්බුදය හේතුවෙන් පවත්වාගෙන යෑමේ (නඩත්තු කිරීමේ) දුෂ්කරතා සහ ප්‍රමාණවත් ගුවන් යානා ප්‍රමාණයක් නොපැමිණීම යනාදී හේතු මත මෙම ගුවන් තොටුපොළවල් තවදුරටත් පවත්වාගෙන යෑම විශාල ප්‍රශ්නයක් වී ඇති බවයි.

විශේෂයෙන්ම ගුවන්තොටුපොළවල් දෙකේ කාර්ය මණ්ඩල නඩත්තු කිරීමටද මේ වන විට විශාල පිරිවැයක් දැරීමට සිදු වී ඇතැයි දැනගන්නට ඇත.

මත්තල ගුවන්තොටුපළේ රාජකාරි සඳහා කාර්ය මණ්ඩලය රැගත් සුඛෝපබෝගී බස් රථයක් කටුනායක සිට දිනපතා මත්තලට ගමන් කරන බවත් එම ප්‍රවාහනය සඳහා ද විශාල පිරිවැයක් දැරීමට සිදුව ඇති බවත් එම ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

මේ අතර රත්මලාන ගුවන් තොටුපළ ද අද වනවිට හුදෙකලා ගුවන් තොටුපළක් ලෙස පවතින බව එහි සේවකයෝ පවසනවා.

රත්මලාන ගුවන්තොටුපොළ ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ලෙස පසුගිය මාර්තු 27 වැනිදා උත්සවාකාරයෙන් විවෘත කෙරුණු අතර එදින මංගල ගමන පැමිණි මාලදිවයින ජාතික ගුවන් සේවයේ මගී ගුවන්යානය ආපසු පිටව ගොස් ඇත්තේ ද හිස් අතින්මය.

ගුවන්තොටුපළ විවෘත කිරීමේ ඒ උත්සවයට රුපියල් ලක්ෂ 80 ක් පමණ වැය වී තිබිණැයි වාර්තා වේ.

සුජිත් හේවාජූලිගේ




Leave a Reply

Your email address will not be published.