උණුසුම් පුවත්
Search
aseka and janic

නර්තන ශිල්පිනී අසේකා විජේවර්ධන කෝටිපති ව්‍යාපාරික ජනික් සමඟ යුග දිවියට (ඡායාරූප සහිතයි)

704

මෙරට නර්තන කලාව තුළ නමක් දිනූ යුවළක් තමයි චන්න – උපුලී කියන්නේ. ඒ නම අපේ රටේ නොදන්නා කෙනෙක් නැති තරම්.

විශේෂයෙන්ම නර්තනය හරහා අපේ රටේ නම ලෝකයට ගෙන යන්න විශේෂ කාර්යභාරයක් සිදු කළ යුවලක් විදියට මොවුන් හඳුන්වන්න පුළුවන්.

හැබැයි මේ කියන්න යන්නේ ඔවුන් ගැන නෙවෙයි.

ඔවුන්ගේ එකම දියණිය නර්තනයට උපන් හපන්කම් ඇති අසේකා විජේවර්ධන ගැන…

අලුත්ම ආරංචිය තමයි අසේකා අද (01) දින යුග දිවියට පිවිසිලා තියෙනවා.

image

ඇයගේ අතගන්නේ මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු වන ජනික් ජයසූරිය යි.

අසේකා සහ ජනික් ගැන බොහෝ දෙනා අතර කතාබහට ලක්කෙරුණේ රටේම අවදානය දිනාගනිමින් ජනික් විසින් නුවරඑළියේ දී අසේකාට කළ විවාහ යෝජනාව නිසයි.

image 7

පසුගිය කාලයේ ඒ ගැනත් සමාජ මාධ්‍ය තුළ බොහෝ සෙයින් කතාබහට ලක්වුණා.

කොහොම නමුත් වසර කිහිපයක පෙම් සබඳතාවයක ප්‍රතිඵලයක් මෙලෙස මල්ඵල ගැන්වෙනවා.

ඒ අනුව කලා ක්ෂේත්‍රයේ ප්‍රකට තරු කිහිපයක් ද මෙම අවස්ථාවට එක්ව ඡායාරූප සමාජ මාධ්‍ය ඉස්සෙ පළ කර තිබෙනු දක්නට ලැබුණා.

image 8

එම උත්සව අවස්ථාව ඡායාරූපගත කරන ලද්දේ සාරංග ලක්මාල් ද මැල් විසින් වන අතර එහි පින්තූර පෙළක් පහතින්.

image 3
image 4
image 5
image 6
image 1
image 2

Photos – Saranga de mal fb account




Leave a Reply

Your email address will not be published.