උණුසුම් පුවත්
Search
dinakshie

”තාත්ති දැන් බලන් ඉන්නේ දිනේෂ් කොයිවෙලේද අපේ පවුලට හරියට එකතු වෙන්නේ කියලයි” – දිනක්ෂි ප්‍රියසාද්

407

අපේ රටේ හැමෝම වගේ කතා කරන ජනප්‍රිය පවුල් අතර ප්‍රියසාද් පවුල කියන්නේ හැමෝම ආදරේ කරන ජනප්‍රිය තරු රැසක් නියෝජනය කරන පවුලක්. මේ පවුලේ තාත්තා, දිනේෂ් ප්‍රියසාද් අපේ රටේ ජනාකර්ෂණීය සිනමාවේ අධ්‍යක්ෂවරයෙක්.

දිනේෂ්ට ඉන්නේ දියණියන් තුන්දෙනෙක් කියලා කවුරුත් දන්නවා. ඒ තරම් ජනප්‍රිය නිසා ඔවුන්ව නමින් හදුන්වාදෙන්න අවශ්‍ය නැහැ. ඒ තුන්දෙනාම ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම ගිහින් ඉන්න තාරකා තුනක්.

May be an image of 3 people

දිනේෂ් ප්‍රියසාද් ඔහුගේ බෑනාවරුන්ට කෙතරම් ඇලුම් කරනවාද කියලා මාධ්‍යයට මීට කලින් කියලා නැහැ. නමුත් පසුගිය සතියේ පැවති රූපවාහිනී වැඩසටහනට එක් වුණු දිනේෂ්, බෑනලාට කොයිතරම් ආදරෙයිද කියලා කිව්වේ ඔහුගේ වැඩිමහල් දියණිය දිනක්ෂි මෙලෙසිනුයි……

May be an image of 1 person and smiling

“විවාහ වෙන්න යද්දි අපි හොයන්නේ අපි ජීවත් වෙච්ච පරිසරයට සමාන පරිසරයක ජීවත් වෙන්න තිබුනා නම් හොඳයිනේ. මම ලැයිස්තුවක් හදාගෙන තාත්තාගේ මේ ගතිගුණය,මේ ගතිගුණ හොඳයි කියලා සාරංගත් එක්ක සංසන්දනය කරන්නේ නැහැ….. නමුත් දැන් තාත්තිගෙයි සාරංගගෙයි සමාන ගති ගොඩක් තියෙනවා. ඒ දෙන්න හරි එකතුයි.

May be an image of 2 people and horse

තාත්ති ගෙදරදි වුණත් මට වැඩිය ආදරේ සාරංගට. බෑණලා ඔක්කොට මෙහෙම ආදරෙයි එයා……තාත්තිගෙ ගතිගුණ ගොඩක් සාරංගට තියෙනවා. එ‍ය දැන් බලන් ඉන්නේ දිනේෂ් කොයිවෙලේද අපේ පවුලට හරියට එකතු වෙන්නේ කියලා. එතකොට එයාගේ ඒකත් හරි…..” කියලා තමයි ඇය නම් පැවසුවේ.

No photo description available.

ඉතින් මේ දිනේෂ් කියන්නෙත් මෑතකදී ඉහළම ජනාදරයට පත් වූ තරුණ ගායන ශිල්පී දිනේෂ් ගමගේටයි. දිනක්ෂිගේ බාලම නැගණිය වන ශනුද්‍රිගේ පෙම්වතා ඔහු බව ප්‍රකට රහසක්.

ඉතින් ඒ කාරණාව ගැන ප්‍රේක්ෂකයිනුත් බලන් ඉන්න කරුණක් කිව්වොත් වරදක් නෑ.

No photo description available.

May be an image of 5 people and people smiling