උණුසුම් පුවත්
Search
ranil

ඩී.ඒ.රාජපක්ෂ 55 වන ගුණ සමරු දේශනය ජනපති රනිල්ගේ ප්‍රධානත්වයෙන් (ඡායාරූප සහිතයි)

105

දිවංගත ඩී.ඒ. රාජපක්ෂගේ 55වන ගුණ සමරුව නිමිත්තෙන් විශේෂ ගුණ සමරු දේශනය පෙරේදා (24) පස්වරුවේ කොළඹ නව නගර ශාලාවේදී පැවැත්වුණු අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගී විය.

image 268

රාජපක්ෂ අනුස්මරණ අධ්‍යාපනික, සංස්කෘතික හා සමාජ සේවා පදනම විසින් සංවිධානය කර තිබූ මෙම උළෙලේ මුලසුන මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක මිනුවන්ගොඩ පත්තඩුවන භික්ෂු අභ්‍යාස ආයතනාධිපති පූජ්‍ය නැදගමුවේ විජය මෛත්‍රී ස්වාමීන් වහන්සේ විසින් හොබවනු ලැබීය.

image 265

“එක් තීරයක් – එක් මාවතක් තිරසාර සංවර්ධනයට උගත හැකි පාඩම්” මැයෙන් මැලේසියාවේ ක්වාලාලූම්පූර් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සමිත හෙට්ටිගේ විසින් ප්‍රධාන ගුණ සමරු දේශනය සිදු කරන ලදී.

ගුණ සමරු දේශනය ඇතුළත් කෘතිය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීම ද මෙහිදී සිදු කෙරිණි.

image 266

කොළඹ නව නගර ශාලාවේ තැන්පත් කර තිබූ ඩී.ඒ. රාජපක්ෂ පිළිරුවට මල්දමක් පළඳවා උපහාර දැක්වීම කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් සිදු කළේය.

image 267

නාරාහේන්පිට අභයාරාමාධිපති, බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක හිමිපාණන් වහන්සේ, පූජ්‍ය වටිනාපහ සෝමානන්ද ස්වාමීන් වහන්සේ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ, රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩී.බී. හේරත්, ඉන්දික අනුරුද්ධ, ශෂේන්ද්‍ර රාජපක්ෂ, ජානක වක්කුඹුර, එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චමල් රාජපක්ෂ, ගාමිණි ලොකුගේ, එස්.එම්. චන්ද්‍රසේන, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන පිරිස ද විදෙස් තානාපතිවරු ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

image 264