උණුසුම් පුවත්
Search
jackson 1 2

”දැනට ඔහු හුස්ම ගන්නේ ස්වසන යන්ත්‍ර ආධාරයෙන්” – රංගවේදී ජැක්සන් ඇන්තනීගේ සෞඛ්‍ය තත්ත්වය ගැන සෝමරත්න දිසානායකයන් කියූ දේ

1945

ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් දක්ෂ රංගන ශිල්පියෙකු මෙන්ම අධ්‍යක්ෂවරයෙකු තමයි ජැක්සන් ඇන්තනී කියල කියන්නේ.

ඇත්තෙන්ම ඔහු දක්ෂ රංගන ශිල්පියෙක් ලෙසින් විතරක් නොවෙයි නව පරපුරක් බිහිකරන ආදරණීය ගුරුවරයෙක් විදිහටත් කාලීන අධ්‍යාපනික වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් ලෙසත් විවිධ දක්ෂතාවයන් සමගින් ජනතාව ඉදිරියට ආපු ප්‍රවීණයෙකු ලෙස අපට හදුන්වන්න පුළුවන්.

ඒ කොහොම වෙතත් මේ ආදරණීය කලාකරුවා ගැන මේවෙනකොට මෙරට ජනයා අතර විශාල කතා බහක් ඇතිව තිබෙනවා. ඒ පහුගිය දවසක ඔහු රිය අනතුරකට ලක්වීමත් සමගයි.

image 633

ඉතින් මේ වෙනකොට මේ ප්‍රවීණ කලාකරුවා රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් ඉන්නවා කියන්න හැමෝම වගේ දන්නවා.

ඉතින් දින ගණනාවකට පෙරදී අනුරාධපුර ප්‍රදේශය පැවැත්වුණු රූගත කිරීමකට සහභාගීව නැවත කොළඹ බලා එමින් සිටියදී වල් අලියෙකු කැබ් රථයේ ගැටීම නිසාවෙන් තමයි මේ අනතුර සිද්ධ වෙලා තිබෙන්නේ.

image 634

මේ අනතුර නිසාවෙන් ඔහුව අනුරාධපුර මහ රෝහලට ඇතුළත් කළ අතර එතුමාව පසු දිනම කොළඹ ජාතික රෝහලට ඇතුලත් කරනු ලැබුවා.

එලෙස ජාතික රෝහලට ඇතුළත් කෙරුණු වහාම ඔහුව ශල්‍ය වෛද්‍ය ඒකකයට ගන්නා අතර සුසුම්නාව ආශ්‍රිත ශ,ල්‍යකර්මයකට ලක් කර තිබෙනවා.

image 635

මේ සැත්කමෙන් අනතුරුව ඔහුව නැවත වතාවක් දැඩිසත්කාර ඒකකයට ඇතුලත් කරල තිබෙනවා.

ඔහු මේ අවාසනාවන්ත අනතුරට මුහුණ දෙන්නේ සෝමරත්න දිසානායක මහතාගේ චිත්‍රපටයකට සිය දායකත්වය ලබාදී නැවත පැමිණෙමින් සිටින අවස්ථාවේදී යි.

ඒ අවස්ථාවේ ඉඳන් මේ දක්වාම සෝමරත්න දිසානායක මහතා ඔහුගේ සුවදුක් විමසමින් කරන්න ඕනි හැමදෙයක්ම නොපිරිහෙළා ඉටු කරනවා.

ඒ කොහොම වෙතත් යූටියුබ් සාකච්ඡාවකට එක්වෙමින් සෝමරත්න දිසානායක මහතා ජැක්සන් ඇන්තනි මහතාගේ අලුත්ම තොරතුරු ගැන අදහස් දක්වලා තිබුණා. ඒ මෙලෙසයි.

“ශල්‍යකර්මයට පස්සේ ජැක්සන්ට සිහිය ආවා. ඔහු මා එක්ක කතා කළා…. මගේ චිත්‍රපටිය ගැනත් කතා කරා. එක සම්පූර්ණ කතාවක් නෙමෙයි. ඔහු පුළුවන් විදිහට කතා කළා. එහෙන් මෙහෙන් බට ගහලා නිසා ජැක්සන්ට හරියට කතා කර ගන්න බැරි වුණා…. මම ඒ වෙලාවේ කිව්වේ ”මට ඉන්නේ එක සිංහයයි ඒ සිංහයා නැගිටලා එනකම් මම බලාගෙන ඉන්නවා” කියල විතරයි.

”ඒ වෙලාවේ ජැක්සන්ගේ ඇස් දෙකට කඳුළු ආවා…. මාත් මගේ කඳුළු පාලනය කරගෙන හිටියා. මට තියෙන ප්‍රශ්නෙ තමයි එච්චර හොඳට සිහිය ආපු ජැක්සන්ට ආයෙ සිහිය නැතුව ගියා…. දැනට ජැක්සන් සිහිසුන්ව තමයි ඉන්නේ….. දැනට ඔහු හුස්ම ගන්නේ ස්වසන යන්ත්‍ර ආධාරයෙන්. ඒක ඒ තරම් සුව තත්ත්වයක් කියලා අපි හිතන්නේ නැහැ”

ඒ විදිහට තමයි සෝමරත්න දිසානායක මහතා ජැක්සන් ඇන්තනී මහතාගේ රෝගී තත්ත්වය පිළිබඳ සදහන් කර සිටියේ.

ඒ කොහොම වෙතත් මේ විදිහට කලා ක්ෂේත්‍රය තුළ සුවිශේෂ ගමනක් යන මේ ප්‍රවීණ කලාකරුවාට අපිත් ඉක්මන් සුව ප්‍රාර්ථනා කරන්නෙමු.

image 638
image 639
image 640
image 637



Leave a Reply

Your email address will not be published.