රටම ආදරය කරන ක්රීඩා තරුවක් තමයි දිනේෂ් චන්දිමාල් කියන්නේ.
2015 වසරේ විවාහ දිවියට පිවිසි දිනේෂ් සහ ඉසිකාගේ කැදැල්ල පුංචි සිඟිත්තකුගෙන් පුරවාලීමට කාලය ඇවිල්ලා කියලා තමයි මේ වෙනකොට දැනගන්නට ලැබෙන්නේ.
වසර ගණනාවකින් පසු දිනේෂ් චන්දිමාල් කුළුදුලේම පිය පදවිය ලබන්නට සැරසෙන මේ පුවත ගැන බොහෝ දෙනාගේ අවදානය යොමුව තිබෙනවා.
ඉතින් මේ වෙනුවෙන් බේබි ෂවර් එකක් පවත්වලා තිබුණා.
එහිදී දැනගන්නට ලැබුණේ දිනේෂ් සහ ඉසිකා දෙමාපිය පදවි ලබන්නේ පුතෙක් වෙනුවෙන් බවයි.
කළා ක්ෂේත්රයේ මෙන්ම ඔවුන්ගේ හිතවතුන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටිනු දක්නට ලැබුණා.
ඉතින් ක්රීඩා ලෝලීන් ඇතුළු බොහෝ දෙනෙක් ඔවුන්ගේ අලුත් දිවියට සුබපැතුම් එක්කරන්නට අමතක කර නැහැ.