උණුසුම් පුවත්
Search
credit card

ක්‍රෙඩිට් කාඩ් පොලී අනුපාත තවදුරටත් ඉහළට

282

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු කිහිපයක් ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා ලබාදෙන වාර්ෂික පොලී අනුපාතිකය ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා ලබාදෙන වාර්ෂික පොලී අනුපාතිකය 36% දක්වා ඉහළ දමා ඇති බවයි බැංකු පවසන්නේ.

ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා ලබාදෙන පොලී අනුපාත සඳහා පනවා තිබූ සීමාවන් ඉවත් කිරීමට මහ බැංකුවේ මුදල් මණ්ඩලය අප්‍රේල් 08 වැනිදා තීරණය කරනු ලැබුවා.

ඉන්පසුව පැවති පොලී අනුපාත 18% සිට 24% දක්වාත්, පසුව 30% දක්වාත්, දැන් නැවත වරක් 36% දක්වාත් වැඩි කර තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *