බොලිවුඩයේ සුපිරි නලු ෂාරුක් ඛාන් සහ සුපිරි නිළි කත්‍රිනා කයිෆ්ට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ෂාරුක් ඛාන්ට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තොරතුරු අනාවරණ වුව ද ඔහු ප්‍රතිකාර ලබන රෝහලක් හෝ නිරෝධායනයට ලක්වන ස්ථානයක් ගැන මෙතෙක් නිශ්චිතව හෙළි කර නැහැ.

ගත වූ දින කිහිපය තුල බොලිවුඩ් තරු කිහිප දෙනෙකුටම වෛරසය ආසාදනය වූ බවට තොරතුරු වාර්තා වූ අතර වෛරසයට ගොදුරු වූ නවතම සාමාජිකයා වන්නේ ෂාරුක් ඛාන්ය.
කෙසේ නමුත් කොවිඩ් වසංගත තත්ත්වය තවමත් පහව ගොස් නොමැත.
