උණුසුම් පුවත්
Search
uduwe

උඩුවේ ධම්මාලෝක හිමි අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝග

137

පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (28) නියෝගයක් නිකුත් කර තිබෙනවා.

අධිකරණයේ කැදවන ලද නඩුවක් සඳහා ධම්මාලෝක හිමියන් පෙනී නොසිටීම හේතුවෙන් මෙම නියෝගය නිකුත් කර ඇති බව සඳහන්.

අදාළ නඩුව පවරා තිබෙන්නේ හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ ඇතුළු පිරිසක් විසිනි.

ධම්මාලෝක හිමියන්ගේ විහාරස්ථානයේ අධික ශබ්දයෙන් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීම මගින් මහජනයාට පීඩා සිදුවන බවට එමගින් චෝදනා කර තිබෙනවා.

ඒ අනුව ඔක්තෝබර් 31වැනිදා නඩුව යලි කැඳවීමට ද අධිකරණය නියෝග කර තිබෙන බව ද සඳහන්.