උණුසුම් පුවත්
Search
Untitled design 12

” මං මැරුනා කියල එන calls වලට උත්තර දීගන්න බැරි වුණා ” – නදීර නෝනිස්

292

ගායන ලෝකයේ විවිධ ගායක ගායිකාවන් අතරින් සැමගේ ආදරය දිනාගත් ගායකයෙක් තමයි නදීර නෝනිස් කියන්නේ හරිම ලස්සන කටහඬ කට හිමිකම් කියන නදීර ගායනය ලෝකයෙ ලොකු දුරක් ආපු තරුවක්. ඒ වෙද්දි සාර්ථක පවුල් ජීවිතයකට හිමිකම් කියන ඔහු දුවකු හා පුතකුගේ ආදරණීය පියෙක්.

පහුගිය දවස්වල මේ අපූරු ගායකයා ගෙන සමාජ මාධ්‍ය හරහා විවිධ අසත්‍ය පුවත් සංසරණය වෙන්න ගත්තා. ඒ ඔහු අසනීප තත්ත්වයක් නිසා. රෝහල් ගතකර සිටින අවස්ථාවේ ඔහු අප අතරෙන් අතරින් වෙන් වුනා යයි විවිධ post සමාජ මාධ්‍ය අඩවි වල පළ වුණා.

285572144 1866860836835954 1157038967057903070 n

එහෙත් ඔහු මුහුණ දුන්න සිද්ධිය ගැන නදීර කිව්වේ මෙන්න මේ වගේ අදහසක්. ඇත්ත නොදැන කතා කරන අයට සත්‍ය දැනගන්න අද මං ඔයාලට ඒ අදහස ඉදිරිපත් කරනවා.

ඇත්තටම මම පහුගිය දවස් වල අසනීප තත්වයක් නිසා රෝහල් ගත වෙලා තමයි හිටියෙ. දැන් මට සනීපයි. මම රෝහල් ගත වෙලා ඉන්න කාලය තුළ තමයි මම මෙය ගියා කියලා post සමාජ මාධ්‍ය තුළ හුවමාරු උනෙ. ඇත්තටම ගොඩක් දුක් වුණ මිනිස්සු හිටියා. මගේ දුරකථනය තිබුනෙ මගෙ අයියා කෙනෙක් ලඟ . එයාට වත් උත්තර දීගන්න බැරි තරමේ calls sms ආවා . මට උනේ ගැස්ට්‍රයිටිස් නම් රෝගී තත්ත්වය උග්‍ර අතට හැරීම නිසා රෝහල්ගත වෙන්න. දැඩි කාර්යබහුලත්වය නිසා නිසි ලෙස ආහාර ගැනීම ප්‍රමාද වෙන නිසා තමයි මේ රෝගී තත්ත්වය හට ගන්නෙ. නිසි ලෙස බෙහෙත් නොකළහොත් මේය භයානක රෝගී තත්ත්වයක් බවට පත්වෙන්න ඉඩ තියෙනවා.

276228252 1813899255465446 5550562923926641885 n

ඔහුට සිද්ධ වෙච්ච සිදුවීම ගැන ඔහු ප්‍රකාශ කළ තිබුණේ අන්න ඒ වගේ දෙයක් වෛද්‍යවරුන්ගෙන් සහාය ලැබීම නිසා ඔහු මෙහි වෙද්දි රෝගී සෞඛ්‍ය තත්ත්වය ඉන්නවා කියලා තියෙනවා. ඉදිරියේදී සෞඛ්‍ය තත්ත්වය ගැන වඩාත් සැලකිලිමත් වෙලා යළි කලා කටයුතු ආරම්භ කරන්න වැඩ කටයුතු සිදු කරනවා කියලා ඔහු ප්‍රකාශ කළා. ඔහුගේ අනාගත ජීවිතය සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත්වෙන්න කියලා අපිත් ඔහුට සුබ පතනවා.

220279970 1654559374732769 5740831275253128346 n