රජයේ සංස්ථා – මණ්ඩල රැසක ප්‍රධානීන්ට සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ට ඉවත් වන ලෙස දැනුම් දී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
එම තනතුරු වලට ඉදිරියේ දී අලුතින් පිරිසක් පත් කිරීම සඳහා ඔවුන්ට මෙලෙස ඉවත්න ලෙස දැනුම් දී බවද එම ආරංචි මාර්ග වලින් පැවසේ.
රජයේ ආයතන ගණනාවක මුල් පුටු දැනටමත් වෙනස් කර ඇති අතර ලබන සතියේ ද තවත් වෙනස් වීම් රැසක් සිදු වීමට නියමිත ඇති බව දැනගන්නට ඇත.
මේ අතර රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධුරයට එහි හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයකු වන නාලක කලුවැව නැවත පත් කිරීමට නියමිත බව ද වාර්තා වේ.
එම ධුරයේ දැනට කටයුතු කරන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ උපදේශකවරයකු වශයෙන් පත් කෙරෙනු ඇති බව ද දැනගන්නට ඇත .
රජයේ රූපවාහිනී ආයතන දෙක සඳහා ද අලුතින් සභාපතිවරුන් පත් කර ඇති අතර ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා ලෙස හිටපු අමාත්‍යාංශ ලේකම්වරයකු වන ඩබ්ලිව් .බී. ගනේගල මහතා ද ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපති වරයා ලෙස නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා ද පත් කරනු ලැබ ඇත.
මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංගම ඇතුළු ආයතන කිහිපයක ද ඉහල පුටු රැසක වෙනස්වීම් සිදු වීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
මේ ආකාරයට අනෙකුත් රාජ්‍ය ආයතන වලට ද ප්‍රධානීන් ඉදිරි කාලයේදී අලුතින් පත් කිරීමට නියමිත බව දැනගන්නට ඇත.
අජන්ත කුමාර අගලකඩ
Source – Lankadeepa