රටම හඳුනන කලාකාරිනියක් විදිහටත් තවත් අවස්ථාවකදී දක්ෂ නිරූපිකාවක් විදිහටත් පුංචි තිරයට ආපු ආදරණීය චරිතයක් තමයි උදාරි කෞෂල්‍යා උදයකුමාර් කියන්නේ. පසුගිය කාල සීමාවේ දී ම ඇය පිළිබඳව අපි දැක්කා ගොඩක් දෙනෙක් කතාබහ කරන්න පටන් ගත්තා. ඒ වගේම තමයි ඇයි ජීවිතේ නොයෙකුත් අභියෝග වලට මුහුණ දීපු කෙනෙක්. ඒ නිසාම තමයි ගොඩක් අය ඇය වේලම මේ විදිහට කතා කතාබහ කරන්න පටන් ගත්තේ.

කවුරුත් දන්නවා කලකට කලින් ඇය විවාහ වුණේ ක්ෂේත්රයේම කැපී පෙනෙන රංගන ශිල්පියෙක් වුණ සංගීත් සතරසිංහ සමග කියන්න. කොහොමහරි මේ දෙන්නා විවාහ වුණාට පස්සේ ඒ විවාහ ජීවිතය නම් ගොඩ කාලයක් පවත්වාගෙන යන්න ඔවුන්ට හැකියාව ලැබුණේ නැහැ. ඒකට හේතුව දෙන්නා අතර ඇති වූ යම් කිසි නොගැලපීම් සහ මතභේදාත්මක තත්ත්වයන් කියලා තමයි සඳහන් කරලා තිබුණේ. කෙසේ නමුත් මේ විවාහයෙන් වෙන් වෙන්න ඇය තීරණය කළා. එහි ප්‍රතිඵලයක් විදිහට සංගීත් ගෙන් වෙන් වෙච්ච උදාර අද වෙද්දි ව්‍යාපාරිකාවක්, නිරූපිකාවක්, නර්තන ශිල්පිනියක් මෙන්ම රංගන ශිල්පිනියක් ලෙස සාර්ථක ජීවිතයක් ගත කරනවා.

ඇය තමන්ගේම කියලා පුංචි ව්‍යාපාරයක් ආරම්භ කරලා තියෙනවා. ඉතින් ඒ ව්‍යාපාරය තුළින් ඉස්සරහට යන්න තමයි ඇය බලාපොරොත්තු වෙන්නේ. ඒ විතරක් නෙවෙයි සංගීත් මේ වෙද්දි ඇගෙන් වෙන්වෙලා තනියම තමන්ගේ ජීවිතය පටන් ගත්තත් ඔහුත් ආදරණීය පෙම්වතෙක් වෙලා කියලා ආරංචියි.

ඒ වගේම උදාරිගේ ජීවිතයටත් මේ වෙද්දි ආදරණීය පෙම්වතෙක් ඉන්නවා. ඉතින් මේ දෙන්නා ගොඩාක් සතුටින් ජීවත් වෙනවා කියලා ඇය වරෙක සඳහන් කරලා තිබුනා. කෙසේ නමුත් ඇය බොහෝ අවස්ථාවන් වලදී සඳහන් කර තිබුණේ ඇයගේ අතීත ජීවිතය තුළ නොයෙකුත් මානසික වේදනාවන් වලට ඇය ලක් වුනා කියන දේ.

අද නිදහසේ පාඩුවේ තමන්ගේ වැඩක් කරගෙන ජීවිතය ගතකරන ඇය පසුගිය දවසක මුහුණුපොතට හරි අපූරු ඡායාරූපයක් සමගින් ලස්සන caption එකක් එකතු කරලා තිබුණා. ඒ caption එකේ තිබුණේ ”ඔබ කා මත වත් යැපෙන්න යන්න එපා. ඔබ ඔබ මත යැපෙන්න…. මොකද එහෙම වුනොත් අනිත් අය ඔයාගෙන් ඉවත් වුණත් ඔයාට පුලුවන් වගේ ජීවිතේ ගොඩනඟා ගන්න.” මේ විදිහ අර්ථයක් තියෙන වටිනා අදහසක් තමයි ඇය තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුමට ඉදිරිපත් කරලා තිබුණේ.

ඉතින් ඒ පෝස්ට් එකට පිළිතුරු වශයෙන් ඇයගේ ළඟම හිතවතියක්
“මම නම් කියන්නේ දැන් තමයි වෙලා හිටපු නැන්දම්මාට සුපිරි රිටන් එක හම්බවුනේ. අපිටත් හොඳ පාඩම් පිරිමි භාග කර ගහලා තියෙන සල්ලි ඔක්කොම ඌට වියදම් කරනවට.”
අදහසක් එකතු කරා ඉතින් ඒකට පිළිතුරු වශයෙන් උදාරි කිව්වේ
“ඒකනම් සැර වැඩිද මන්දා මොනවා නැතත් ඇත්තම කිව්වා දන්නෝ දනිති” ආකාරයේ ප්‍රතිපිළිතුරක්.
ඉතින් මේ සංවාදය දිගින් දිගටම ගිහින් තිබුණා එය අතරතුර ඇගේ හිතවතියන් ඉදිරිපත් කරපු අදහස් සහ උදාරී මුහුණ පොතට දැමූ ඡායාරූපය පහතින් උපුටා දක්වා ඇත. කෙසේ නමුත් මේ කුමන සිදුවීමක් අල්ලලා මේ දේවල් කිව්වද කියලා අපිට හිතන්න බැරි උනත් ගොඩක් අය කිව්වේ උදාරි ගේ අතීත ජීවිතයේ සිදු වූ සිදුවීම් නිසා ඇය මේ විදිහට කියන්න කියන්නේ ඇති කියන දේ.


කෙසේ නමුත් ඒ දේවල් ඒ විදියට සිද්ධ වෙද්දී ඇයගේ ජීවිතය දිනෙන් දින ම සාර්ථක වේවා කියා අපි එක සිතින් ප්‍රාර්ථනා කරන්නෙමු.
