උණුසුම් පුවත්
Search
nimal siripala

හිටපු ඇමති නිමල්ට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

51

හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් යොමු කර තිබෙනවා.

එස්. එම්. නිෂාර් මව්ලානා නැමැති පුද්ගලයෙකු විසින් අද (31) එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.

හිටපු වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ජපානයේ තයිසෙයි සමාගමෙන් රුපියල් මිලියන 200ක අල්ලස් මුදලක් ඉල්ලා ඇති බවට වූ චෝදනාව සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලමින් එම පැමිණිල්ල යොමු කර ඇති බව වාර්තා වනවා.




Leave a Reply

Your email address will not be published.