උණුසුම් පුවත්
Search
ranil and basil

”ගෝඨාභයට එන්න පරිසරය හදන්න” – බැසිල් ජනපතිට ලියයි

26

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ හට ආරක්‍ෂිතව යළි මෙරටට ඒමට වාතාවරණයක් සකසන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු ඇමැති බැසිල් රාජපක්‍ෂ විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා තිබෙනවා.

රටේ පවතින ආර්ථික අර්බුදයට කඩිනමින් විසඳුම් ලබාදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සම්පූර්ණ සහාය ලබාදෙන බව ද ඔහු ජනාධිපතිවරයාගේ පාර්ශ්වයේ නියෝජිතයන් පිරිසක් සමඟ 18 වැනිදා පැවති විශේෂ සාකච්ඡාවක දී කියා හිබෙනවා.

දැනට තායිලන්තයේ සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ලබන සතියේදී මෙරටට පැමිණීමට නියමිතව ඇතැයි ද වාර්තා වනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ජනාධිපතිවරයාගේ පාර්ශ්වය නියෝජනය කරමින් පැවති මෙම සාකච්ඡාව සඳහා ජනාධිපතිවරයාගේ පාර්ශ්වය වෙනුවෙන් සාගල රත්නායක, වජිර අබේවර්ධන, රුවන් විජේවර්ධන, ශමල් සෙනෙවිරත්න යන පිරිස ද පොදුජන පෙරමුණ වෙනුවෙන් ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ, මහ ලේකම් සාගර කාරියවසම්, ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි, ජොන්ස්ටන් ප්‍රනාන්දු, නාමල් රාජපක්‍ෂ හා සංජීව එදිරිමාන්න යන පිරිස ද එක්ව තිබෙනවා.

ශිරාන් රණසිංහ

Source – Divaina




Leave a Reply

Your email address will not be published.