උණුසුම් පුවත්
Search
rukshan

”පොල් කියන්නේ පෝෂ්‍යදායි ආහාරයක්” – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය

146

රට තුළ දරුවන් අතර මන්දපෝෂණ තත්ත්වයක් ඇති බවට ගෙන යන ප්‍රචාරයන් මවාපෑමක් බවත් එවැනි තත්ත්වයක් තිබේ නම් එයට වෛද්‍යවරු සෘජුවම වගකිව යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසනවා.

දරුවකු දිවා ආහාරය සඳහා පාසලට පොල් රැගෙන විත් ඇති බවට ප්‍රචාරය වූ සිද්ධිය පිළිබඳව අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයෙන් නිලධාරීහු පැවසුවේ පොල් පෝෂදායී ආහාරයක් බවයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය කොළඹදී ඊයේ (24) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් මෙම අදහස් පළ කරනු ලැබුවා.

යොහාන් භාසුර

Source – Lankadeepa