උණුසුම් පුවත්
Search
petrol

සිපෙට්කෝ සහ IOC ඉන්ධන මිල ඉහළ දමයි

148

ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට සිපෙට්කෝ ඔටෝ ඩීසල් ලීටයක මිල රුපියල් 15කින් ද භූමිතෙල් ලීටරයක මිල රුපියල් 25කින් ද ඉහළ ගොස් තිබෙනවා.

මේ බව ඛණිජ තෙල් සංස්ථාව ඊයේ රාත්‍රියේ නිවේදනය කර සිටියා.

ඒ අනුව ඔටෝ ඩීසල් ලීටයක නව මිල රුපියල් 430කි.

භූමි තෙල් ලීටරයක නව මිල රුපියල් 365කි.

ඉන්දියන් ඔයිල් සමාගමත් ඔටෝ ඩීසල් ලීටයක මිල රුපියල් 15කින් ඉහළ දමා ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ නමුත් ඊයේ දින කරන ලද මිල ඉහළ දැමීමට අදාළව පෙට්‍රල් මිල ඉහළ ගොස් නැත.

එමෙන්ම ලංකා IOC සමාගම විසින් ද ඉන්ධන මිල ඉහළ දැමීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඔටෝ ඩීසල් මිල රුපියල් 15කින් ඉහළ දමා ඇත.

ඔටෝ ඩීසල් නව මිල රුපියල් 430ක් වනු ඇත.

කෙසේ වෙතත් පෙට්‍රල් මිල ගණන් වල කිසිදු වෙනසක් සිදුනොකිරීමට ලංකා IOC ද තීරණය කර ඇති බව සඳහන්.