උණුසුම් පුවත්
Search

යුක්රේනයේ මරියුපොල් නගරයේ කොලරා වසංගත තත්ත්වයක් හිස ඔසවයි

153

රුසියාවේ නිරතුරුව පීඩාවට ලක්වන නැගෙනහිර යුක්රේනයේ පිහිටි වරාය නගරයක් වන ‘මරියුපොල්’ නගරය තුළ මෙම දිනවල කොලරා රෝගය වසංගතයක් ලෙස පැතිර යෑමේ දැඩි අවදානමක් පවතින බව මරියුපොල් නගරයේ බලධාරීන් හා සෞඛ්‍ය අංශ විසින් අනතුරු අඟවා තිබෙනවා.

රුසියානු හමුදා ප්‍රහාරයන් හේතුවෙන් නගරයේ ජල හා සනීපාරක්ෂක පහසුකම් විනාශ වී ගොස් තිබෙන තත්ත්වය මත නගරය තුළ කොලරා වසංගතය පැතිරීමේ හැකියාව ඉතාමත් ඉහළ මට්ටමක පවතින බවයි මරියුපොල් නගරයේ නගරාධිපතිවරයාගේ උපදේශකවරයකු වන පෙට්‍රෝ අන්ද්‍රියුෂෙන්කෝ මාධ්‍යයට පවසා ඇත්තේ.

රුසියානු හමුදාවන් නගරයේ රඳවා සිටීම හේතුවෙන් මේ වන විට කොලරා රෝගයට ගොදුරු වී සිටින නගර වැසියන්ගේ සංඛ්‍යාව පිළිබඳව නිශ්චිත තොරතුරු ලබා ගැනීමේ අසීරුතාවයක් පවතින බව ද ඔහු සඳහන් කර තිබේ.

මරියුපොල් නගරයේ පවතින ජල හිඟය හේතුවෙන් වසංගත රෝග පැතිර ගොස් ලබන වසර අවසන් වන විට නගරවාසීන් 10,000කට අධික සංඛ්‍යාවක් මිය යනු ඇති බවට නගරාධිපති වාදීම් බෝයිචෙන්කෝ පවසා තිබේ.




Leave a Reply

Your email address will not be published.