චීනයේ විශාලතම ඉන්ධන සමාගම වන SINOPEC සමාගම ශ්‍රී ලංකාවේ දේශීය වෙළෙඳපොළ වෙත ඉන්ධන ආනයන, බෙදාහැරීමේ සහ අලෙවි කර්මාන්තය වෙනුවෙන් පිවිසීමට බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වේ.
ලංකාවේ ලියාපදිංචි සමාගමක් වන Belt & Road Lanka (Private) Limited මෙහි අතරමැදියා ලෙස කටයුතු කරන අතර ඔවුනගේ ට්විටර් සටහනක් මගින් මෙම ආගමනය අනාවරණය වී තිබේ.

චයිනා පෙට්‍රෝලියම් සහ රසායනික සංස්ථාව හෝ සයිනොපෙක් නමින් හඳුන්වන දැවැන්තම සමාගමකි.
බීජිං හි චාඕයැං දිස්ත්‍රික්කයේ මූලස්ථානය පිහිටි ඔවුන් සතුව, ලොව විශාලතම තෙල් පිරිපහදු යන්ත්‍ර තිබේ. තෙල් සහ ගෑස් ගවේෂණය, පිරිපහදු කිරීම සහ අලෙවිකරණය ඔවුන් සිදු කරන අතර රසායනික ද්‍රව්‍ය මෙන්ම, රසායනික පොහොර ආදී විවිධ කර්මාන්ත වලට ද ඔවුන් අතගසා තිබේ.

2000 වසරේ පිහිටුවා ඇති සමාගම හොංකොං, නිව් යෝර්ක් සහ ලන්ඩන් හි ඔවුන් අලෙවි කටයුතු මුල සිටම අරඹා ඇති අතර 2004 දී අප්‍රිකානු ගැබොන්හි මෙහෙයුම් ඇරඹූ අතර 2005 සුඩානයේ තෙල් නිධියක් මිල දී ගෙන තිබේ. 2007 දී, නැගෙනහිර ඉතියෝපියාවේ තෙල් නිධියක වැඩ අරඹන ලදි.

2009 දී ඔවුන් ස්විට්සර්ලන්තයේ ඇඩැක්ස් පෙට්‍රෝලියම් ඩොලර් බිලියන 7.5 කට පවරා ගැනීම චීනයේ විශාලතම විදේශ අත්පත් කර ගැනීම සනිටුහන් කළේය.

2013 දී, ඇන්ගෝලාවේ මෙහෙයුම් අරඹන ලද අතර 2013 ඊජිප්තුවේ Apache Corporation තෙල් සහ ගෑස් ව්‍යාපාරයේ 33% ක කොටස් ඩොලර් බිලියන 3.1 කට අත්පත් කර ගන්නා ලදී. එම වසරේදීම හොංකොං MCC තෙල් සහ ගෑස් ව්‍යාපාරයේ ඩොලර් බිලියන 9.3 කට 18% ක කොටස් හිමිකර ගත්තේය. අනතුරුව කැනඩාව, නයිජීරියාව,කැමරූන්, මියන්මාරයේ තෙල් හා ගෑස් නිධි සම්බන්ධයෙන් කටයුතු අරඹා ඇත.

සයිනොපෙක් ලංකාවේ මෙහෙයුම් අරඹන්නේ කෙලෙසද යන්න තවම තොරතුරු අනාවරණය නොවන අතර ඇතැම් විට ඔවුන් සිපෙට්කෝ කොටස් වැඩි ප්‍රමාණයක් මිලට ගනු ඇතැයි අදහස් පළව තිබේ.
