උණුසුම් පුවත්
Search
CHINA ECONOMY

චීන ආර්ථිකය පහත වැටෙයි

92

චීන ආර්ථික වර්ධනය පහළ යමින් පවතින බව ආර්ථික විශේෂඥයෝ පවසනවා.

ඊට හේතු වී ඇත්තේ කොවිඩ් මර්දනය කිරීම යටතේ පනවා ඇති දැඩි සෞඛ්‍ය ප්‍රතිපත්ති සහ වියදම් කපා හැරීමය.

ඒ අනුව 2024 වන විට එරට ආර්ථික වර්ධනය සියයට 5කින් පමණ පහළ යනු ඇතැයි සඳහන් කරයි.

පසුගිය වසරට වඩා සියයට 3.3කින් මෙම වසරේදී ආර්ථික වර්ධනය පහළ ගොස් ඇතැයි සිදුකර ඇති ආර්ථික සමීක්ෂණ අනුව හෙළි වී ඇත.

ලබන වසරේදී එය සියයට 4.9කින් පමණ අඩු වෙතැයි ද සඳහන් කරයි.

ඒ අනුව 2024 වසර වන විට එය සියයට 5කින් පමණ පහළ යනු ඇතැයි ද පවසයි.

ලොව දෙවැනි විශාලතම ආර්ථිකය හිමිව ඇත්තේ චීනයටය.

නිරෝධානය ඇඳිරිනීතිය පැනවීම, සංචාරක සීමා පැනවීම ආදිය නිසා ව්‍යාපාර කටයුතු සඳහා චීනය සමග ගනු දෙනු කරන රටවල් සහ සමාගම් සිය ආයෝජන සීමා කරන්නට වීම මේ සඳහා ප්‍රධාන වශයෙන් බලපා ඇතැයි ද එම ආර්ථික විශේෂඥයෝ පවසති.