උණුසුම් පුවත්
Search
chathu r

”තව ටිකක් මෙහෙම ඉදලා බබෙක් හදනවා” – චතූ රාජපක්ෂ

322

අහම්බයකින් කලා ක්ෂේත්‍රයට ඇවිල්ලා මේ වන විට පුංචි තිරය හා සිනමාව කියන මේ ද්විත්වයම එක විදිහට ආක්‍රමණය කරන්නට හැකි වුනු කෙනෙක් තමයි ජනප්‍රිය රංගන ශිල්පිණි චතූ රාජපක්ෂ කියන්නේ. ඇය රංගනයෙන් දායක වුණු ටෙලි නාට්‍ය අතර බෙහෙවින් ජනාදරයට පත්වූ ටෙලි නාට්‍යයක් තමයි ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වුණු ‘බන්ධනා’ කියන්නේ.

image 107

ඉතින් බන්ධනා ටෙලි නාට්‍යයේ ද්විත්ව චරිතයකට රංගනයෙන් දායක වුණු චතු රංගනය කළ තවත් ටෙලි නාට්‍යයක් විදියට ස්වාධීන රූපවාහිනියේ විකාශය වන ගඟන පියවර ටෙලි නාට්‍යය පෙන්වා දෙන්නට පුළුවන්. ඉතින් මේ විදිහට පුංචි තිරය තුළ දක්ෂතා දක්වන චතු රංගනය කරන සිනමා නිර්මාණයක් ද මේ වන විට ප්‍රේක්ෂකයා ආදරයෙන් වැළඳගෙන තිබෙනවා.

image 108

සුරංග අල්විස්ගේ ‘ද ගේම්’ සිනමා නිර්මාණයේ ප්‍රධාන චරිතයක් හරහා අපි අතරට ආව චතූ මෑතක දී විවාහ දිවියට පත් වුණා. රට රටවල සැමියා සමඟින් සංචාරයේ යෙදෙන චතූ ඇගේ මව පොඩි කාලේ ඉඳලම දැකලා නෑ කියලයි ඇය කියන්නේ. ඇගේ මව කුඩා කාලයේම විදෙස්ගත වෙලා තියෙනවා.

image 106

ඉතින් ඒ කොහොම වුණත් මේ වන විට සැමියාත් එක්ක ඉතා සතුටින් කල්ගත කරන චතූ රාජපක්ෂගේ කැදැල්ලේ සුබ ආරංචියක් තවම නම් නැහැ. ඒ ගැන චතූ එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

image 109

” අපිට බබෙක් හදන්න තවම කාලය නෙමෙයි. මම හිතනවා අපි බබෙක් හදනව නම් ඒකට ප්ලෑන් කරලා හදන්න ඕන කියලා….. මොකද මම දැන් ටෙලිනාට්‍යයත් එක්ක කාර්යබහුල වෙලා ඉන්නේ. හස්බන්ඩ්නම් හරිම ආදරෙයි බබාලට. ඒත් මම කියන්නේ මෙහෙම ටික කාලයක් ඉදලා බබෙක් හදමු කියලා.”