උණුසුම් පුවත්
Search
charles 3

තෙවන චාල්ස් රජුගේ ප්‍රතිමාවේ චොක්ලට් කේක් තැවරූ සිව් දෙනෙකුට වැඩ වරදියි

135

දේශගුණ ක්‍රියාකාරීන් පිරිසක් පසුගිය සඳුදා (24) ලන්ඩනයේ මැඩම් ටුසාඩ් කෞතුකාගාරයේ තැන්පත් කර ඇති බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජුගේ ඉටි ප්‍රතිමාවට චොකලට් කේක් ආලේප කර තිබෙනවා.

image 347

ලන්ඩන් පොලිසිය පසුව මේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් හතර දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවයි ව්දෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

image 345
image 346

ජස්ට් ස්ටොප් ඔයිල් නම් සංවිධානයට අයත් පිරිසක් චාල්ස්ගේ ප්‍රතිමාවට මෙසේ විරෝධය දක්වා ඇත්තේ නව තෙල් සහ ගෑස් බලපත්‍ර සහ ලබාදීම නතර කරන ලෙස බල කරමින් බවත් සඳහන් වනවා.

අප සැමගේ උරුමය වන හරිත හා ප්‍රසන්න භූමිය ආරක්ෂා කර ගැනීම තම අරමුණ බවයි මොවුහු කියා සිටින්නේ.

image 348

චතුර පමුණුව