උණුසුම් පුවත්
Search
chandimal

”කැමැත්ත දෙන්නේ නැත්නම් ක්‍රිකට් ප්‍රැක්ටිස් යන්නේ නෑ කිව්වා” – චන්දිමාල් ආදර කතාව ගැන කියයි

243

දිනේෂ් චන්දිමාල් කියන්නේ ක්‍රිකට් වලට ආදරය කරන ක්‍රිකට්ලෝලීන් රැසකගේ සිහින කුමරා කියලා හැඳින්වුවත් වරදක් නෑ. ඒ වගේම ඔහු හිටපු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකයෙක්. කඩුළු රකින්නෙකු සහ මැද පෙළ පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කරන දිනේෂ් චන්දිමාල්ට ආදරය කරන ක්‍රීඩාලෝලීන් බොහෝමයක් සිටිනවා. ඉතින් ක්‍රිකට් ක්‍රීඩාව ගැන ඒ විදියට බලද්දී දිනේෂ් චන්දිමාල්ගේ පෞද්ගලික ජීවිතය ගැන ගොඩක් දෙනා දන්නවා. ඔහු විවාහ වෙලා ඉන්නේ ඉසිකා ජයසේකර සමගින්. පාසල් කාලයේ ඉඳලම ඔහු ඉසිකාගෙන් ආදරය ඉල්ලුවත් ඇය ඒවා ප්‍රතික්ෂේප කරල තියෙනවා. සම වයස් දෙදෙනෙක් වන දිනේෂ් චන්දිමාල් සහ ඉසිකාගේ ආදරය පටන් අරන් තියෙන්නේ හරිම අපූරු විදියට. ඒ ගැන සුපිරි ක්‍රිකට් ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් සහභාගී වුණු යු ටියුබ් මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

image 196

“මම ඉසිකාගෙන් ආදරේ අහ අහ කරදර කළා. එයාලගේ ගෙදරටත් මම කෝල් ගන්නවා. මම පාඩම් කරන්න ගියේ ඉසිකගෙ නැදෑ මල්ලි කෙනෙක්ගේ ගෙදර. එයා මගේ හොඳ යාලුවෙක්….. එයාගෙන් නම්බර් එක හොරෙන් අරන් මම ඉසිකාට කෝල් කළා. මෙයා එක්සැම් එකට පාඩම් කරනකොටත් මම කෝල් ගන්නවා….

image 197

දවසක් මම කිව්වා මට හෙට ක්‍රිකට් ප්‍රැක්ටිස් තියෙනවා. මම ඔයා හා කිවෙ නැත්නම් යන්නෙ නෑ කියලා. ඊට පස්සෙ ඉසිකා මට හා කිවා. මට එදා පුදුම සතුටක් තිබුණේ. මම එදා 159ක් ගැහුවා සතුටට…. නමුත් මෙයා මට ඒ වෙලාවේ හා කියලා තියෙන්නේ මගේ කරදරෙන් බේරෙන්න බැරිකමට කියලා පස්සෙ දවසක කිව්වා…. ඊට පස්සෙ මගේ ආදරේ ගැන හිතලා හරියටම මම ගැන දුක හිතිලා හරියටම ආදරෙයි කිව්වා….”

image 200

ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන රසිකයන් දිනේෂ් චන්දිමාල්ටත් ගොඩක් ආදරේ කරනවා.

කොහොම නමුත් මොවුන් දෙදෙනාම අම්බලන්ගොඩ ප්‍රදේශයේ උපත ලබා ඇති අතර මේ වන විට කොස්වත්ත ප්‍රදේශයේ ජීවත්වෙනවා.

ඉතින් සතුටින් ජීවත් වෙන මේ ආදරණීය යුවළ දිනේෂ් චන්දිමාල්ගේත් ඉසිකා ජයසේකරගේත් සියලු පැතුම් ඉටුවෙන්න කියලා අපිත් හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක් කරනවා.

image 199
image 201
image 202
image 203



Leave a Reply

Your email address will not be published.