උණුසුම් පුවත්
Search
damith and chamara

”චාමරට හතිය තියෙනවා… ඒ හතියත් එක්ක කැස්ස එනවා” – චාමර ගැන දමිත් කියපු සංවේදී කතාව

149

චාමර වීරසිංහ සහ දමිත් අසංක කියන මේ කලා තරු යුවල ගැන කිව්වොත් ඇත්තටම බොහෝ දෙනෙක්ගේ හදවතට සමීප ආදරණීය කලා තුරු යුවළක්. දමිත් අසංක ගැන කතා කරද්දි පසුගිය කාල සීමාවේදීම දමිත්, සංගීත ක්ෂේත්‍රයත් එක්ක සම්බන්ධ වෙලා හිටියේ නැහැ…..

නමුත් දැන් නැවත වතාවක් ඔහු ප්‍රාසාංගික වේදිකාවත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඒ වගේම තමයි චාමර වීරසිංහ පසුගිය දවසක ඇති වූ හදිස්සි රෝගී තත්ත්වයක් නිසා කොළඹ ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකය තවටත් ප්‍රතිකාර ලබනවා.

May be an image of 3 people, people smiling, flute and text

කෙසේ නමුත් චාමර වීරසිංහ කියන ”හදවතේ ගායකයාට” ආදරේ කරන හැමෝම වෙනුවෙන් දමිත් අසංක ඔහු පිළිබඳව හරි අපූරු කතාවක් සමාජ මාධ්‍යයට එකතු කරලා තිබුණා. ඒ අවස්ථාවේදී දමිත් සඳහන් කළේ චාමර වීරසිංහ ඇත්තටම අපහසුතාවයෙන් ගත කරපු කාලසීමාවක් පිළිබඳවයි….

“මම එතුමත් එක්ක නිතරම ෂෝ වලට මුණගැහෙනවා…. මේක එතුමාව පෞද්ගලිකව දන්න අය දන්නවා. එතුමාට හතිය තියෙනවා….. හතිය හැදෙනවා, එතකොට ඒ හතියත් එක්ක එතුමාට කැස්සත් එනවා….. ඔයාලා දන්නවද දන්නෑ ඒ කැස්ස හැදුනහම එතුමා විනාඩි දහයක විතර මහා දුකක් විඳිනවා ඒ කැස්ස නිසා. කලින් වතාව මෙතුමාට මාස 06ක විවේකයක් එක්ක බෙහෙත් කරන්න නියම වෙනවා…. ඒ කාලේ බෙහෙත් කරද්දි එතුමාට කන්න බොන්නවත් දෙන්න කෙනෙක් හිටියේ නෑ. මාස තුනක් වැඩ නැතුව ඉද්දී නිකමට හිතන්න, ජීවත් වෙන්නේ කොහොමද කියලා….. ඉතින් මොන තාත්තද කැමති තමන්ගේ දරුවෝ දුක් විඳිනවාට, තමන්ගේ බිරිඳ දුක් විඳිනවාට…. ඉතිං එතුමා මාස හයක් බෙහෙත් කරන එක පැත්තකින් තියලා ප්‍රසංග වලට ගියා මුදල් උපයන්න.”

මම දෙතුන් වතාවක්ම පරාජය වුණා... හැබැයි ආයෙත් උත්සාහ කරනවා.. දමිත් මොනවා ගැනද මේ කියන්නේ? - Damith Asanka - Hiru Gossip, Lanka Gossip News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip |

ඉතින් ඔන්න ඔය විදිහට තමයි බොහෝ දෙනා චාමර වීරසිංහගේ නොදත් පැතිකඩක් පිළිබඳව දමිත් අසංක කියලා තිබුණේ.