මේ දින වල සමාජ මාධ්‍ය ඔස්සේ බෙහෙවින් කතාබහට ලක්වෙන කාරනාවක් තමයි හිරු තරු සිඟිති අවුරුදු සාජ්ජය වෙනුවෙන්, ගායක නදීර නෝනිස් සිය දියණිය සමඟ ගැයූ “එරබුදු මල්” ගීතය සමාජ මාධ්‍ය වලින් ඉවත් කරන ලෙස රජිව් සෙබස්තියන් (එම ගීතයේ මුල් අයිතිකරුවා) දැනුම් දුන් බව නදීර සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් සඳහන් කිරීම.
එම සිදුවීමත් සමඟ බොහෝ දෙනා විවිධාකාරයේ ප්‍රතිචාර දක්වමින් එම සිදුවීම නැවත නැවත සිහිපත් කරනු දක්නට ලැබෙනවා.
මුහුනුපොත හරහා නිරන්තරයෙන් මෙම සිදුවීම ගැන කතාබහට ලක්වෙනු ද දැකගන්නට පුළුවන්.
කෙසේ වෙතත්, රජිව්ගේ එම ක්‍රියාව සම්බන්ධයෙන් කලාකරුවන් ඇතුළු බොහෝ පිරිස් සිය විරෝධය පළ කර තිබුණා.
රවී සිරිවර්ධන වැනි පද රචකයින් ද රජිව්ට දොස් නඟමින් සටහන් තබා ඇති අයුරු දැක ගත හැකි වුණා.
ඒ සිදුවීම අතරතුර බොහෝ දෙනෙක්ගේ ආදරයට පාත්‍ර වී සිටින ගායක චාමර රණවක, නදීරගේ පෝස්ටුවේ කමෙන්ටුවක් පළ කරමින් කියා සිටින්නේ, දුවට කියන්න මගේ ඕනෑම සින්දුවක් ගායනා කරන්න” කියලයි.
ඉතින් ඊට නදීරත් ආදරණීය පිළිතුරක් ලබාදී තිබෙනු දැකගන්නට ලැබුණා.