රජයේ ආයතන විවිධ උත්සව සඳහා කරන වියදම් නතර කරන ලෙසට වූ නියෝගය ලබන වසර දක්වාම බලපැවැත්වෙන බව දන්වමින් මුදල් අමාත්‍යාංශය නව චක්‍රලේඛයක් නිකුත් කර ඇත.
මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන විසින් මෙම චක්‍රලේඛය නිකුත් කරනු ලැබ ඇත්තේ 2023 වර්ෂය තුළ වියදම් දැරිම සඳහා බලය දීම සහ රාජ්‍ය වියදම් කළමනාකරණය යන මැයෙන් යුතුවය.
ඒ අනුව ලබන වසරට රාජ්‍ය ආයතන, වාර්ෂික අයවැය ඇස්තමේන්තු මගින් වෙන්කර දී ඇති ප්‍රතිපාදන සීමාවන් නොඉක්මවන පරිදි වියදම් කළමනාකරණය කර ගැනීම, නිලධාරින්ගේ වගකීම බව තරයේ අවධාරණය කර ඇත.
සුජිත් හේවාජුලිගේ
Source – Lankadeepa