කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට කොවිඩ් ආසාදනය වීමෙන් රෝහල් ගත කර ඇති බව වාර්තා වනවා.
කෙසේ වෙතත් උන්වහන්සේගේ තත්වය බරපතළ නැතැයි රෝහල් ආරංචි මාර්ග තහවුරු කර තිබෙනවා.
මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් මේ තත්වය නිසා විශේෂ වැඩසටහන් වලට සහභාගී වීම මෙන්ම හමුවීම් ද කල් දමා ඇති බව සඳහන්.
නැවතත් රට තුළ කොවිඩ් ප්රභේදයන් සීඝ්රයෙන් පැතිරී යන අතර කොවිඩ් ආසාදිත මරණ 09ක් ඊයේ (10) දින වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු ර තිබෙනවා.
පුද්ගල එක්රැස් වීම්, නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකිරීම වැනි හේතු මත නැවතත් මෙම වෛරසය හිස ඔසවන බවයි වාර්තා වන්නේ.