ඩ්ස්නි රාජපක්ෂ කියන්නේ මෑතකාලීනව පුංචි තිරය තුළ තරුණයන්ගේ ආකර්ෂණය ඉහළින් දිනාගත් නිරූපණයට මෙන්න රංගනයටද එකසේ සමත් ශිල්පිනියක්. ඉතා කෙටි කාලයකින් ඇය ඉහළ ජනප්‍රියතාවක් හිමිකරගත්තා. ඇගේ නර්තන හැකියාව කොතරම් ද කිව්වොත් . ඇය hiru මෙගා ස්ටාර් season 3 කිරුළට හිමිකම් කිව්වා.
සමාජ මාධ්‍ය බොහෝ ජනප්‍රිය ආකර්ෂණය ඡායාරූප එකතු කරණ ඩ්ස්නි පසුගිය දවසක අපූරු සටහනක් එකතු කර තිබුණා.
එම සටහන පහතින්..

ඔයා දන්නවද ඔයාගෙ අවමංගල්‍ය න් පස්ස සිදුවන දෙ? ඔයා වෙනුවෙන් හඬා වැටුනු හඬා වැටීම සියල්ල පැය කිහිපයකින් නතර වේයි. පවුලේ අය අවමංගල්‍යයට ආ නෑදෑයන්ට මිත්‍රයන්ට හිතවතුන්ට කෑම බීම ලෑස්ති කරන්න ගනිවි. අවමංගල්‍යයට ආපු සමහරු වර්තමාන දේශපාලන ආර්ථික සිද්දි සම්බන්ධව කතා කරන්න සූදානම් වේයි. රාජකාරි බහුල උන නිසා එන්න බැරි වුණු බොහෝ දෙනා දුරකථන ඇමතුම් ලබාදේවි පැමිණීමට නොහැකි වුණු නිසා. අවමංගල්‍ය බරපැන පිළිබඳ පවුලේ අයගේ සංවාද ඇති වේවි. හැමෝම විසර ගිහිල්ලා තමන්ගේ ගෙවල් වල තමන්ගෙ පාරවල් වල යන්න ගනීවි.

දින කිහිපයකින් ඔයාගෙ පවුලෙ අයත් එයාලා කරන රස්සා කරන්න පටන් ගනිවි.ඔබෙන් පුරප්පාඩු උණ රැකියාව පිරවීම සඳහා ආයතන ප්‍රධානියා තව කෙනෙකු රැකියාවට ගනීයි. රටේ ඡන්ද තියාව් වංචා දූෂණ හොරකම් එලෙසම පවතීයි. මාර්ග තදබදය ම්නිස්සු කතා කරන මාතෘකාවක් වෙයි. cricket match football match සැලසුම් කරපු සියලු දේවල් ඒ විදියටම වේයි. මාස දෙකක් විතර යද්දි ගෙදර අයත් රූපවාහිනිය දාගෙන හාස්‍යජනක කතා බලන්න ගනී.

මගේ අවුරුද්දේ දානේ ලංවෙනකොට හානේ දැනුනෙවත් නෑ අවුරුද්දක් ගියා කියන සුපුරුදු වචන ඇහෙන ගනියි. අනිත් අයගේ සොහොන් වගේම ඔයාගේ සොහොනක් පාළුවට ගිහින් තියෙයි හැමෝගෙම ජීවිතය සාමාන්‍ය වේයි වසරින් වසර ගෙවීයි. ඔයා ගෙන සුළු පිරිසකට විතරක් මතක් වෙයි.
මිනිස්සුන්ට මෙච්චර ඉක්මනට මෙච්චර ලේසියෙන් ඔයාව අමතක කරන්න පුළුවන් නං ඇයි ඔයා ජීවිත කාලෙම අනිත් අය මං ගැන මොනවා හිතයිද කිය කිය කාලේ ගත කරේ. ඔයා හිතන විදිහට එයාලා හිතන්නේ නැහැ. ඒ නිසා ජීවත් වන කාලයක් තමන්ට ඕන විදිහට ජීවත් වෙන්න.
