උණුසුම් පුවත්
Search
sangeeth and dinithi

”අපේ සම්බන්ධය ගැන මිනිස්සු දැන ගන්නකොට අපි දෙන්නා හුගක් දුර ගිහින්” – සංගීත් සතරසිංහ

623

මේ දිනවල ලංකාවේ ට්‍රෙන්ඩින්ම කපල් එක විදියට කවුරුත් කතා කරන ඒ යුවළ තමයි සංගීත් සතරසිංහ සහ දිනිති වල්ගමගේ කියන්නේ. ඉතින් ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් සහ මේ දිනවල රූපවාහිනියේ විවිධ නාලිකා වල සිදු කරන වැඩ සටහන් ගණනාවකම මේ ආදරණීය යුවළ දැක ගන්න පුලුවන්.

May be an image of 2 people, people standing, tree and outdoors

ඉතින් කාලයක් හොදම යාලුවන් වෙලා හිටපු සංගීත් – දිනී යුවළ මුණ ගැහුණේ ශිවගුරුනාදන් මහතාගේ ටෙලිනාට්‍යයකදී. ඉන් පසුව දෙන්නට දෙන්නා පෙන්නන්න බැරුව හිටපු මේ දෙන්නා හොදම යාලුවන් බවට පත් වෙනවා. ඉතින් මේ යාලුකම ආදරයක් බවට පත්වෙලා මේ වන විට දෙමාපියන්ගේ ආශිර්වාදයත් එක්ක සතුටින් ඉන්නවා. ඉතින් පුංචි තිරය හරහා වගේම සංගීත් – දිනී යුවළ අපිට දැක ගන්න පුලුවන් සමාජ මාධ්‍ය හරහා. සංගීත් – දිනී ව්ලොග්ස් හරහ ප්‍රේක්ෂකයන් හමුවට එන ඔවුන් දෙදෙනා ඔවුන්ගේ ආදරයට බාහිරින් එන බලපෑම් ගැන මේ විදියටයි මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

May be an image of 1 person, child, standing and outdoors

”අපි දෙන්නට දෙන්නා පෙන්නන්න බැරුව හිටියට අපි කාලෙකදි හොදම යාලුවෝ වෙනවා. ඉතින් අපි දෙන්නට දෙන්නා හොදින්ම ගැලපෙනවා කියලා දැනෙන කොට මම දිනීගෙන් ඇහුවා. නමුත් එයා කිව්වේ අපි මෙහෙම ඉදලා බලමු කියලා…. මේ ගැන සමාජය දැන ගන්නකොට අපි දෙන්නා හුගක් දුර ගිහින් ඉවරයි. එතකොට අපිට මිනිස්සු මොනවා කිව්වත් අපි දෙන්නා බැදිලා ඉවරයි…. මිනිස්සු කියන නරක දේවල් අපි ගණන් ගන්නෙ නෑ. අපේ අම්මලා පවුලෙ අය කැමතිනම් අපිට අනිත් අයගෙන් වැඩක්ම නෑ.”

May be an image of 1 person, standing and outdoors

මේ විදියටයි සංගීත් – දිනී ආදර කතාව ගැන ප්‍රේක්ෂකයන් සමගින් තොරතුරු බෙදාගෙන තිබුණේ.

May be an image of 1 person, standing, flower and outdoors